Live 🔴 : කොරෝනා 649ට නඟී

Staff Writer | Author . Translate to English or தமிழ் 4/29/2020 11:50:00 PM
Live 🔴 :  කොරෝනා 649ට නඟී

Update: 11.50PM

තවත්.කොරෝනා ආසාදිතයන් 19 දෙනකු තහවුරු වීමත් සමග  මෙරට තහවුරු වූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 649 තෙක් ඉහළ ගොස් තිබේ.
 
ඒ අනුව අද(29) තහවුරු කෙරුණු රෝගීන් සංඛ්‍යාව 30කි.

මෙරට තහවුරු කෙරුණු රෝගින්ගෙන් රෝගීන් 136 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර 07 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මේ වන විට කොරෝනා රෝගීන් 506 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කොරෝනා යැයි සැකපිට මේ වන විට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින ගණන 275 කි.

Update: 9.00PM

ශ්‍රී ලංකාවේ තහවුරු කෙරුණු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 630 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ තවත්⁣ කොරෝනා ආසාදිතයන් තිදෙනකු තහවුරු වීමෙන් පසුවය.

Update: 8.20PM

තවත් කොරෝනා ආසාදිත රෝගීන් පස් දෙනකු තහවුරු වීමත් සමග මෙරට තහවුරු කෙරුණු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 627 තෙක් ඉහළ ගොස් තිබේ.

අද (29) මේ වන තෙක් තහවුරු කෙරුණු කොරෝනා ආසාදිත සංඛ්‍යාව 08කි.

මෙරට තහවුරු කෙරුණු රෝගින්ගෙන් රෝගීන් 136 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර 07 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මේ වන විට කොරෝනා රෝගීන් 484 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කොරෝනා යැයි සැකපිට මේ වන විට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින ගණන 275 කි.

Update: 1.40PM

කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 622 දක්වා ඉහල ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ තවත් කොරෝනා රෝගීන් තිදෙනකු තහවුරු වීමත් සමගය.

Share