නවසීලන්තය අවදානමෙන් ඉවත් වී නෑ

Staff Writer | Author . Translate to English or தமிழ் 4/28/2020 5:19:00 PM
නවසීලන්තය අවදානමෙන් ඉවත් වී නෑ

නවසීලන්තය සම්පූර්ණයෙන් අවදානමෙන් ඉවත් වී නැතැයි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් පවසයි

එරට පනවා තිබූ 4 වන මට්ටමේ ලොක්ඩවුන් සීමාවන් අනතුරු ඇඟවීමේ තුන්වැනි මට්ටම වෙත පහත දැමීමෙන් අනතුරුව ඇය මේ බව පැවසීය.

"මා කලින් පවසා ඇති පරිදි, වෛරසයේ සම්ප්‍රේෂණ දාමය බිඳ දමා වෛරසය තවදුරටත් ප්‍රජාව අතර පැතිරීම වැළැක්වීමට නවසීලන්ත වැසියන් 4 වන මට්ටමේ දී ඇදහිය නොහැකි කාර්යයක් සිදු කළා ”ආඩර්න් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවාය.

අනතුරු ඇඟවීමේ 3 වැනි මට්ටමට පහත හෙළීම මගින් පෙන්නුම් කරන්නේ රට සහ ආර්ථිකය නැවත නංවාලීම සහ නැවත ක්‍රියාත්මක කිරීමේ පියවරයන් බව ඇය කීවාය.

"රැකියා හා අධ්‍යාපන වැඩ කටයුතු ඇතුළුව හැකි සෑම තැනකම අපි දිගටම නිවසේ සිටිය යුතුයි. කරුණාකර තම ප්‍රදේශයේම රැඳී සිටින්න. අත්‍යවශ්‍ය නොවන සංචාර සීමා කරන්න."යැයි ජසින්ඩා පැවසුවාය.

මෙතෙක් ලබා ඇති ප්‍රගතිය ආරක්ෂා කිරීම සඳහා රට සුපරීක්ෂාකාරීව සිටිය යුතු බවට ආඩර්න් අනතුරු ඇඟවීය.

"ඔබට අසනීප නම්, නිවසේ රැඳී සිටිමින් ඔබේ පෞද්ගලික වෛද්‍යවරයා හෝ සෞඛ්‍ය අංශ සමග දුරකථනයෙන් සම්බන්ධ වී කොරෝනා පරීක්‍ෂාවක් කරගන්න" ඇය කීවාය.

නවසීලන්තයේ අනතුරු ඇඟවීමේ 03 වැනි මට්ටම : ලොක්ඩවුන් සීමාවන් තවමත් ක්‍රියාත්මක නමුත් සීමාවන් ලිහිල් කර ඇත. පාසල් විවෘත කළ හැකිය.ජනතාවට අවන්හල්වලින් ආහාර මිලදී ගෙන යා හැකි නමුත් අවන්හල්වල ආහාර ගැනීමට නොහැකිය(Takeout Only).මුහුදේ පිහිනීම වැනි විනෝදාත්මක ක්‍රියාකාරකම් වලට සහභාගී විය හැකිය. මංගල උත්සව සහ අවමංගල්‍ය කටයුතු සඳහා පුද්ගලයින් 10 දෙනෙකු දක්වා රැස්විය හැකිය.

3 වැනි මට්ටම මගින් වැඩි සමාජ ක්‍රියාකාරකම් සඳහා ඉඩ නොදෙන නමුත් වැඩි ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ඉඩ ලබා දේ.

CNN ඇසු⁣රෙන්

Share