Live 🔴 : තවත් ආසාදිතයෝ අට දෙනෙක්

Staff Writer | Author . Translate to English or தமிழ் 4/28/2020 10:43:00 PM
Live 🔴 : තවත් ආසාදිතයෝ අට දෙනෙක්

Update 10.40 PM

තවත් ආසාදිතයන් අට දෙනකු තහවුරු වූ බවත් තහවුරු කෙරුණු මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 619 දක්වා ඉහළ ගොස් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Update 8.20 PM

ශ්‍රී ලංකාවෙන් තහවුරු කර ගත් කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 611ක් දක්වා වැඩිවූ බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අනුව අද (27) මෙි වන තෙක් තහවුරු කෙරුණු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 23කි.

Update 7.50 PM

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 599 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ තවත් රෝගීන් තිදෙනකු කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමගය.


Update 5.30 PM

අද (27) මේ වන තෙක් හමුවූ කොරෝනා ආසාදිතයන් 08 දෙනාගෙන් පස් දෙනකු නාවික හමුදා නිලධාරීන් බවත් තිදෙනකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන පුද්ගලයන් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


Update 5.20 PM

තවත් කොරෝනා රෝගීන් සිව්දෙනකු තහවුරු වූ බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අනුව මෙරට තහවුරු වූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 596කි.අද (27) දින මේ වන විට තහවුරු කෙරුණු රෝගීන් සංඛ්‍යාව 08කි.


Update 2.00 PM

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 592 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් කොරෝනා රෝගීන් 04 දෙනකු තහවුරු වීමෙන් අනතුරුවය. 

Update 1.50 PM

තවත් 08 දෙනකු සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලබා රෝහලෙන් පිටව ගිය කොරෝනා වෛරසය ආසාදිතවූවන්ගේ සංඛ්‍යාව 134 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා කියයි.

Share