ලොක්ඩවුන් සීමාවන් ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය අගමැතිගේ විරෝධය

Staff Writer | Author . Translate to English or தமிழ் 4/27/2020 11:47:00 PM
ලොක්ඩවුන් සීමාවන් ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය අගමැතිගේ විරෝධය

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කොරෝනා වෛරසයට එරෙහි සීමා ලිහිල් කිරීමට එරෙහිව අනතුරු අඟවා ඇතැයි සීඑන්එන් වාර්තා කරයි.

ඔහු මේ බව පවසා ඇත්තේ කොරෝනා ආසාදනය වී සුවය ලබා නැවත සේවයට පැමිණීමෙන් අනතුරුවය.

"එක්සත් රාජධානිය කෝවිඩ් -19 රෝගීන් ICU රෝහල්වලට ඇතුළත් කිරීමේ අඩු වීම අපි උපරිම මට්ටම පසුකරමින් සිටින බවට වන සඥාවක්” ඔහු කීය.

කොරෝනා වැළදී එක්සත් රාජධානියේ පුද්ගලයින් 20,000 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.

වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා පනවා ඇති සීමාවන් සමඟ ජනතාවගේ ඉවසීම ව්‍යාකූල වීමට ඉඩ ඇති බැවින් එක්සත් රාජධානියේ “උපරිම අවදානමක්” ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.

ජොන්සන් පැවසුවේ සාප්පු හිමියන්ගේ හා ව්‍යවසායකයින්ගේ කනස්සල්ල තමා තේරුම් ගත් බවත් ක්‍රියාකාරී ආර්ථිකයක් නොමැතිව සෞඛ්‍ය අංශ සඳහා අරමුදල් සැපයීමේ ක්‍රමයක් නොමැති බවත්ය.

එහෙත් මෙතෙක් ඉවසීමෙන් සිටි බ්‍රිතාන්‍ය ජනතාවගේ සියලු උත්සාහයන් හා පරිත්‍යාගයන් ඉවත දමා අවදානමක් ඇති කිරීම තමා ප්‍රතික්ෂේප කරන බවත් එම සීමාවන් ඉක්මණින් ලිහිල් කිරීමෙන් වෛරසයේ දෙවන උච්චතම අවස්ථාවක් සහ තවදුරටත් ජීවිත හානි සිදුවිය හැකි බවත් ඔහු අනතුරු ඇඟවීය.

තමා වෙනුවෙන් පෙනී සිටීම ගැන ජොන්සන් විදේශ ලේකම් ඩොමිනික් රාබ්ට ස්තූති කළේය.

අවදානමට ලක්ව සිටින අයව ආරක්ෂා කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කර රජය විසින් සීමාවන් ලිහිල් කළහොත් එක්සත් රාජධානියේ මේ වසර අවසානයේදී කොරෝනා මරණ 100,000 කට වඩා අත්විඳිය හැකි බව එරට ප්‍රමුඛ පෙළේ වසංගත රෝග විද්‍යාඥයෙකු පවසයි.

නීල් ෆර්ගියුසන් කොරෝනා වෛරසය මැඩපැවැත්විම සඳහා එරට රජයට උපදෙස් සපයන විද්‍යාඥයින්ගෙන් කෙනෙකි.

“මරණයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින් රැකවරණ නිවාසවල සිටින හෝ වෙනත් රෝග ඇති අයයි” යනුවෙන් ෆර්ගියුසන් “අන්හර්ඩ්” වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

CNN ඇසුරෙන් 

Cover photo Frank Augstein/AP

Share