කොරෝනා වෛරසයෙන් නිව්යෝර්ක් පොලිසියේ 37ක් මරුට : ආසාදිත ගණන 4800 ඉක්මවයි

Staff Writer | Author . Translate to English or தமிழ் 4/27/2020 11:04:00 AM
කොරෝනා වෛරසයෙන් නිව්යෝර්ක් පොලිසියේ 37ක් මරුට : ආසාදිත ගණන 4800 ඉක්මවයි

කොරෝනා වෛරසයෙන් නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවේ (NYPD) 37 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කරයි.

NYPD හි පොලිස් නිලධාරීන් 3,166 ක් මේ වන විට සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් සේවයෙන් නිවාඩු ලබා සිටින බවද සඳහන් වෙයි.

එය ප්‍රතිශතයක් ලෙස 8.8ක් වන අතර එය මීට පෙර පැවතියේ 19.8ක් වැනි ප්‍රතිශතයක ය.

මේ වන විට නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් 4,837 ක් Covid-19 ආසාදිත බවට තහවුරු වී ඇති බව එම පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

කොරෝනා ආසාදිතව සිටි නිලධාරීන් 3530 දෙනකු සම්පූර්ණ සුවය ලබා නැවත සේවයට එක්ව සිටින බව පැවසේ.

කොරෝනා ආසාදිත බවට තහවුරු කරන ලද පොලිස් නිලධාරීන් 953 දෙනකු සහ සිවිල් නිලධාරීන් 317 දෙනකු තවමත් ප්‍රතිකාර ලබන බව නිව්යෝර්ක් පොලිසිය පවසයි.

CNN ඇසුරෙන්

Cover Photo : Getty Images 

Share