Live 🔴 :දිනකට තහවුරු කෙරුණු වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද

Staff Writer | Author . Translate to English or தமிழ் 4/27/2020 11:48:00 PM
Live 🔴 :දිනකට තහවුරු කෙරුණු වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද

Update : 11.35 PM

දිනකට තහවුරු වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා කරමින් තවත් කොරෝනා රෝගීන් 04 දෙනකු තහවුරු වී තිබේ.

ඒ අනුව අද වාර්තා වූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 65කි.එය මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා රෝගීන් සංඛ්‍යාවයි.

මීට පෙර වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ ඊයේ (26) දිනයේ වන අතර ඊයේ තහවුරු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 63කි.

මේ අනුව ශ්‍රී ලංකාවේ තහවුරු කෙරුණු මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 588කි.

මෙරට තහවුරු කෙරුණු රෝගින්ගෙන් රෝගීන් 126 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර 07 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මේ වන විට කොරෝනා රෝගීන් 455 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කොරෝනා යැයි සැකපිට මේ වන විට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින ගණන 295 කි.


Update : 9.35 PM

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 584 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ තවත් රෝගීන් දෙදෙනකු තහවුරු වීමත් සමගය.

Update : 8.45 PM

කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 582 දක්වා ඉහළ ගොස් ඇත.

Update : 8.00 PM

කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 581 දක්වා 10කින් ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අද (27) තහවුරු මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 58කි.


Update : 6.30 PM

තවත් ආසාදිත රෝගීන් සිව් දෙනකු තහවුරු වූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 571 දක්වා ඉහළ ගොස් තිිිිිිිිිිබේ.

Update : 4.50 PM

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදිතවූවන්ගේ මුළු ගණන 567 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ තවත් කොරෝනා රෝගීන් 10 දෙනකු හමුවීමත් සමග බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අනුව අද(27) තහවුරු කෙරුණු කොරෝනා  රෝගීන් සංඛ්‍යාව 44කි.අද තහවුරු කෙරුණු සියලු ආසාදිතයන් වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.

මේ වනවිට නාවික හමුදා සාමාජිකයන් 180 දෙනකුට කොරෝනා වෛරසය ආසාධනය වී තිබේ.


Update : 2.40 PM

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 34කින් ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ තහවුරු කෙරුණු මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 557 දක්වා ඉහළ යයි.

Update : 4.50 PM

කොරෝනා බවට සැක සහිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් සංඛ්‍යාව 295 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එම රෝගීන් සංඛ්‍යාව ඊයේ(26) 273 ක් ලෙස සටහන් විය.

Update : 1.20 PM

තවත් 06දෙනකු සුවය ලබා පිටව යාමෙන් පසු මෙරට සම්පූර්ණ සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 126 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Share