හෙට රට පුරා ඇඳිරිනීතිය

Staff Writer | Author . Translate to English or தமிழ் 4/26/2020 8:07:00 PM
හෙට රට පුරා ඇඳිරිනීතිය

නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට (27) රට පුරා ඇඳිරි නීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අඟහරුවාදා(28) අලුයම 5.00ට ඉවත් කර එදිනම රාත්‍රී 8.00 සිට යළි ක්‍රියාත්මක කරන බව එම මාධ්‍ය අංශය පවසයි.

මීට පෙර නිවේදනය කෙරුණේ  අඩු අවදානම් දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය හෙට (27) උදෑසන 5.00ට ඉවත් කර යළි රාත්‍රී කාලයට පමණක් පනවන බවටයි.

මේ අනුව ගම්පහ,කොළඹ,කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක වල ඇඳිරිනීතිය ඉවත් වන්නේ අඟහරුවාදා (28) උදෑසන 5.00ටය. 

ඉන්පසු එම දිස්ත්‍රික්කවලට රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය පැනවේ.


Share