නාවික හමුදාවේ 95කට කොරෝනා ; ඉන් 28ක් නිවාඩුවට ගිය අය

Staff Writer | Author . Translate to English or தமிழ் 4/26/2020 6:15:00 PM
නාවික හමුදාවේ 95කට කොරෝනා ; ඉන් 28ක් නිවාඩුවට ගිය අය

නාවික හමුදා සාමාජිකයක් 95 දෙනකුට කොරෝනා ආසාධිත වී ඇති බවට මේ වන විට තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.

ඒ අතර නාවික හමුදාවේ සේවය කරමින් සිටි 68 දෙනෙකු සහ නිවාඩු ගොස් සිටි නාවික හමුදා සාමාජිකයන් 27 දෙනකු ද ඒ අතර සිටින බව ද හමුදාපතිවරයා පැවසීය. 

නිවාඩු ගොස් සිටිය දී හමු වූ කොරෝනා ආසාධිත නාවික හමුදා සාමාජිකයන් හා ගනුදෙනු කළ සියලු දෙනා නිරෝධායනයට යොමු කළ බව ද ඒ මහතා කීවේය.

Share