නිව්යෝර්ක් ඖෂධහල්වලත් කොරෝනා පරීක්ෂණ කරන්න අවසර

Staff Writer | Author . Translate to English or தமிழ் 4/26/2020 3:44:00 PM
නිව්යෝර්ක්  ඖෂධහල්වලත් කොරෝනා පරීක්ෂණ කරන්න අවසර

ඇමෙරිකාවේ කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය වන නිව්යෝර්ක් ප්‍රාන්තයේ ඖෂධහල්වල කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට ඉඩ සලසන බව එම ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පවසයි.

ආණ්ඩුකාරවර ඇන්ඩෘ කියෝමෝ පැවසුවේ දිනකට පරීක්ෂණ 40,000 ක් සිදු කිරීමේ අරමුණින් ඖෂධහල් 5,000ක පමණ පරීක්ෂණ සිදු කළ හැකි බවයි.

එක්සත් ජනපදයේ තහවුරු වී ඇති රෝගීන් සංඛ්‍යාව 940,000 කට අධිකය. එරට කොරෝනා මරණ 53,751 න් තුනෙන් එකක්ම සිදුව ඇත්තේ නිව්යෝර්ක්හීය.

CNN ඇසුරෙන් 

Cover Photo : Vector Stock

Share