තායිවාන නාවික හමුදාවේ 31කට කොරෝනා ; ආරක්ෂක ඇමැති ඉල්ලා අස්වෙන්න යයි

Staff Writer | Author . Translate to English or தமிழ் 4/26/2020 12:01:00 PM
තායිවාන නාවික හමුදාවේ 31කට කොරෝනා ; ආරක්ෂක ඇමැති ඉල්ලා අස්වෙන්න යයි

තායිවානයේ නාවික හමුදාවට අයත් නෞකාවක කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් එරට ආරක්ෂක ඇමතිවරයා තායිවාන ජනපතිවරයාගෙන් ඉල්ලා අස්වීම සඳහා අවසර ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් එරට ආරක්ෂක ඇමතිවරයා සමාව අයැද සිටි අතර ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව ප්‍රකාශ කළේය.

එම නැවේ නැවියන් 31 දෙනෙකු මේ දක්වා ආසාදනය වී ඇති අතර එහි නවතම ආසාධිතයා ඊයේ (25) හමුවිය. 

ඇය විසි හැවිරිදි කැඩෙට් නිලධාරීනියක බව සඳහන් වේ.

ඔවුහූ තායිවානය සමඟ විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති රටවල් 15 න් එකක් සහ පැසිෆික් දූපත් රාජ්‍යයක් වන පලාවු වෙත මිත්‍ර සංචාරයක නිරත තායිවාන නාවික නැව් තුනක සිටි අය වෙති.

එම නාවිකයෝ ⁣අප්‍රේල් 18 සිට නිරෝධායනය කරනු ලැබ සිටිති.

ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ආරක්ෂක අමාත්‍ය යෙන් ටෙ-ෆා, වෛරසය පැතිරීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් සමාව අයැද සිටියේය.

"මම ජනාධිපති සායි ඉන්ග්-වෙන්ගෙන් දඬුවමක් ඉල්ලා සිටියා.එවිට ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අවංකව මුහුණ දෙන ලෙසයි." යැයි ඉල්ලා අස්වීම ඇතුළු ඕනෑම දඬුවමක් තම පිළිගන්නා බව සඳහන් කරමින් ඔහු පැවසීය.

ජනාධිපති සායි ඉන්ග්-වෙන්න් මේ සම්බන්ධයෙන් වගවීම පිළිබඳ පොරොන්දු වී ඇති අතර කිසිදු වසන් කිරීමක් සිදු නොකරන බවට පොරොන්දු වී තිබේ.

නැව් පිටත්ව යාමට පෙර රෝග වැළැක්වීමේ කටයුතු සිදු කළ නමුත් එහි “අඩුපාඩු” තිබූ බවත් සමහර රෝග පාලන ක්‍රියාමාර්ග නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවත් යෙන් පැවසීය.

දඬුවම් ලැබිය යුතු අයට ද දඬුවම් ලැබෙනු ඇතැයි ද ඔහු කීය.

කොරෝනා වෛරස් ආසාධිතයන් වාර්තා වීමට පෙර තායිවානයෙන් පිටත් වූ පලාවු මෙහෙයුමේ නැවියන් 700 ක් පමණ සමඟ සම්බන්ධකම් පැවැත්වූ තායිවානයේ දහස් ගණනක් දෙනා සොයා ගැනීමට රජය කටයුතු කරමින් සිටී.

තායිවානයේ රෝග පාලන මධ්‍යස්ථාන විසින් මෙම නැවියන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින්ට සතියකට ජංගම දුරකථන හරහා 200,000 ක් පමණ කෙටි පණිවුඩ යවා ඇත.

මෙම සිද්ධිය නිවේදනය කිරීමට පෙර තායිවානයේ දින තුනක් එකදිගට රෝගීන් වාර්තා වූයේ නැත.

මෙය සැමරීමට සමහර ගොඩනැගිලිවල "Zero" ලෙස සටහන් වෙන අයුරින් විදුලි බල්බ දල්වා තිබිණි.

මෙම සිද්ධිය තායිවානයට යම් සැලකිය යුතු කරුණක් වන්නේ වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා තම රාජ්‍ය තාන්ත්‍රික සගයන්ට උපදෙස් ලබාදීමත් කිසිදු ආසාධිතයකු වාර්තා නොවූ පලාවුහී සැක සහිත කොරෝනා රෝගීන් ඇත්දැයි පරීක්ෂා කිරීමට උපදෙස් ලබාදීමත් වැනි තත්ත්වයකදී මෙවන් නොසැලකිලිමත් සිද්ධියක් සිදුවීම නිසාය.

කුඩා රටක් වන පලාවුහී ⁣මෙතෙක් ආසාධිතයන් වාර්තා වී නොමැත. එහි රජය කියා සිටියේ තායිවානයේ නාවික හමුදා සිද්ධිය පිළිබඳව පලාවු වැසියන් කලබල වීමට කිසිදු හේතුවක් නොමැති බවත් වෛරසය පලාවූ රටෙන් එම නැවියන්ට ආසාධනය වීමට ඇත්තේ ඉතා සුළු අවස්ථාවක් බවත් ය.

මේ දක්වා තායිවානයෙන් වාර්තාවූ COVID-19 රෝගීන් 429 දෙනාගෙන් 343 ක්ම විදේශ රටවල සිට පැමිණි ආසාධිතයන් වන අතර 55ක් දේශීය ආසාධන ලෙස වර්ගීකරණය කර ඇත.

මෙම නාවික සිද්ධියේදී සිදුවී ඇත්තේ ආනයනික ආසාධනයක් ද නැත්නම් දේශීය ආසාධනයක් ද යන්න තීරණය කිරීම සඳහා තවමත් විමර්ශනය කරමින් පවතින බව සඳහන් වෙයි. 

අද(26) වන විට තායිවානයේ COVID-19 රෝගීන් 275 දෙනෙකු සුවය ලබා ඇති අතර හය දෙනෙකු මියගොස් ඇත.

Cover Photo : CNA

FocusTaiwan | Reuters 

Share