Live 🔴 : තවත් ආසාධිතයෝ 18ක් : දෛනික වැඩිම ආසාධිත සංඛ්‍යාව වාර්තා වෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 4/27/2020 12:46:00 AM
Live 🔴 : තවත් ආසාධිතයෝ 18ක් : දෛනික වැඩිම ආසාධිත සංඛ්‍යාව වාර්තා වෙයි

Update : 12.40 AM

කොරෝනා ආසාධිත සංඛ්‍යාව 523 ඉක්මවා ගොස් තිබේ. ඒ තවත් රෝගීන් 18 දෙනකු තහවුරු වීමත් සමගය.

මේ සමග ඊයේ(26) තහවුරු වූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 63 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙය කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ දින සිට මේ දක්වා වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාවයි.


Update : 10.00 PM

කොරෝනා ආසාධිත සංඛ්‍යාව 500 ඉක්මවා ගොස් තිබේ. ඒ තවත් රෝගීන් හය දෙනකු තහවුරු වීමත් සමගය.

අද(26) දින මෙතෙක් තහවුරු කෙරුණු රෝගීන් සංඛ්‍යාව 45කි.

ඒ අනුව මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 505 දක්වා ඉහළ ගොස් තිබේ.මෙරට තහවුරු කෙරුණු රෝගින්ගෙන් රෝගීන් 120 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර 07 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 

තවත් කොරෝනා රෝගීන් 378 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.


Update : 9.45 PM

තවත් 14 දෙනකු කොරෝනා ආසාධිත බවට තහවුරු වීමත් සමග වෛරසය ආසාධිත රෝගීන් සංඛ්‍යාව 499 දක්වා ඉහල ගොස් තිබේ. 

අද (26) තහවුරු කෙරුණු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 39කි.

Update : 8.45 PM

කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සංඛ්‍යාව 485 දක්වා ඉහල ගොස් තිබේ. එ තවත් කොරෝනා රෝගීන් 08 දෙනකු තහවුරු වීමත් සමගය.

ඒ අනුව අද (25) තහවුරු කෙරුණු මුළු කොරෝනා රෝගීන් ගණන 25කි.

Update : 6.45 PM

තවත් හය දෙනකු කොරෝනා වෛරසය ආසාධිත බවට තහවුරු වී තිබේ  

ඒ අනුව මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 477 දක්වා ඉහළ යයි.

Update : 5.40 PM

අද (26) මේ වන තෙක් තහවුරු කෙරුණු රෝගීන් 11 දෙනාගෙන් 10 දෙනෙක්ම නාවික හමුදාවේ සාමාජිකයන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

11 දෙනාගෙන් එක් අයෙක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙක් බවද එම අමාත්‍යාංශය කියයි.

Update : 4.20 PM

කොරෝනා ආසාධිත සංඛ්‍යාව 471 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් කොරෝනා රෝගීන් සිව් දෙනකු තහවුරු වීමත් සමග බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Update : 2.00 PM

තවත් කොරෝනා රෝගීන් පස් දෙනකු තහවුරු වූ බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අනුව කොරෝනා රෝගීන් සංඛ්‍යාව 467 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වන විට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 340කි

අද (26) දිනයේ මේ දක්වා තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 07කි.


Update : 1.20 PM

කොරෝනා රෝගීන්ගෙන් තවත් දෙදෙනකු සම්පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුව වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

Update : 11.45 AM

මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 462 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ තවත් කොරෝනා ආසාධිත දෙදෙනකු හමුවීමත් සමගය.

Update : 6.45 AM

ඊයේ(25) දිනයේ වාර්තා වූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 40ක් බවත් මුළු ආසාධිත සංඛ්‍යාව 460ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය අද උදෑසන නිවේදනය කළේය. 

ඒ තවත් කොරෝනා රෝගීන් 08 දෙනකු තහවුරු වීමත් සමග  බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අනුව ඊයේ (25) හමුවූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 40කි.

Share