ලෝකයේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 02 ඉක්මවයි

Staff Writer | Author . Translate to English or தமிழ் 4/26/2020 2:00:00 AM
ලෝකයේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 02 ඉක්මවයි

කොරෝනා වෛරසයෙන් ලොව මිය ගිය සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ඇතැයි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාල දත්ත පෙන්වා දෙයි.

අද(26) අලුයම 12.15 වන විට ලෝකයේ මුළු මරණ සංඛ්‍යාව 201,502 ලෙස සටහන් විය.

ඉන් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙන් වන අතර එරට මරණ ගණන 52,782කි.

මරණ සංඛ්‍යාව අතින් දෙවැනි තැන ඉතාලිය සිටින අතර එරට මරණ සංඛ්‍යාව 26,384ක් ලෙසට සටහන් වෙයි.

මේ අතර ලොව මුළු ආසාධන සංඛ්‍යාව 2,865,938ක් ලෙස දැක්වෙයි.ඉන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.ඇමෙරිකාවේ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 924,576කි.

මරණ සංඛ්‍යාව 1000ට වැඩි ර⁣ටවල්වල ආසාධිත රෝගීන් සංඛ්‍යාව සහ (මරණ) සංඛ්‍යාව පහත දැක්වෙයි

  • එක්සත් ජනපදය 924,576 (52,782)
  • ස්පාඤ්ඤය 223,759 (22,902)
  • ඉතාලිය 195,351 (26,384)
  • ප්‍රංශය 159,952 (22,279)
  • ජර්මනිය 155,41 (5,805)
  • එක්සත් රාජධානිය 149,554 (20,380)
  • තුර්කිය 107,773 (2,706)
  • ඉරානය 89,328 (5,650)
  • චීනය 83,901 (4,636)
  • රුසියාව 74,588 (681)
  • බ්‍රසීලය 55,224 (3,762)
  • බෙල්ජියම 45,325 (6,917)
  • කැනඩාව 44,138 (2,392)
  • නෙදර්ලන්තය 37,384 (4,424)
  • ස්විට්සර්ලන්තය 28,894 (1,593)

Share