එක්සත් රාජධානියේ කොරෝනා මරණ සංඛ්‍යාව 20000 ඉක්මවයි

Staff Writer | Author . Translate to English or தமிழ் 4/25/2020 10:21:00 PM
එක්සත් රාජධානියේ කොරෝනා මරණ සංඛ්‍යාව 20000 ඉක්මවයි

එක්සත් රාජධානියේ රෝහල්වල සිදුවූ කොරෝනා මරණ ගණන 20,000 ඉක්මවා ගොස් තිබේ.

එරට සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තු අද (25) නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මේ වන විට එරට රෝගීන් 20,319ක් මියගොස් තිබේ.

එරට පුද්ගලයින් 517,836ක් කොරෝනා පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් 148,377කට ආසාධිත බවට තහවුරු වී තිබේ.

CNN ඇසුරෙන්  

Cover Photo : Sky News

Share