වාරියපොල අයි.පීට පහරදීමේ සිද්ධියේ හිමිනමට ඇප

Staff Writer | Author . Translate to English or தமிழ் 4/25/2020 4:33:00 PM
වාරියපොල අයි.පීට පහරදීමේ සිද්ධියේ හිමිනමට ඇප

වාරියපොල පොලිස් ස්ථානය තුළදී පොලිස් පරීක්ෂකවරයකුට පහරදුන් කණ්ඩායම සමග පැමිණි හිමි නම ඇප පිට මුදා හරින ලෙස වාරියපොල වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

වාරියපොල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ පොලිස් පරීක්ෂකවරයකුට එම පොලිස් ස්ථානය තුළදී පසුගිය 20 වැනිදා සිදුවු පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට සැකකරුවෝ  දෙදෙනෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

කළහාකාරී කණ්ඩායමක් හසුරවමින් පොලිස් පරීක්ෂකවරයාට පහරදී අඩන්තේට්ටම් සිදු කිරීම, නිරෝධායන නීතී උල්ලංඝණය කරමින් කලහකාරී ලෙස හැසිරීම වැනි චෝදනා යටතේ එම හිමිනම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. හිමිනම එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ අද උදේ පොලිසියට පැමිණ බාරවීමෙන් පසුවය.

එම හිමිනම වාරියපොල විසුද්ධාරාම විශාරස්ථානයේ හිමිනමක් බව සඳහන් වෙයි.

එම හිමිනම දුරකතන ඇමතුම් දී පොලිස් පරීක්ෂකට බැන වදින අයුරු සහ පොලිසියේ කලහකාරී ලෙස හැසිරෙනු දැක්වෙන වීඩියෝ සහ හඬපට ද සාක්කි ලෙස පොලිසියට ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත් සැකකාර හිමිනම අද දින වාරියපොල ⁣මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර අතර සෑම ඉරු දිනකම උදෑසන 09.00 ත් දවල් 12.00 ත් අතර කාලයේදී වාරියපොල පොලිස් ස්ථානයේ පෙනී සිටන ලෙසත් නියෝග කෙරිණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් පළ වූ පුවත් පහත දැක්වෙයි.

Share