වෛද්‍ය සැපයුම් බෙදාහැරීම සඳහා ඩ්‍රෝන යානා යොදාගැනීමට බ්‍රිතාන්‍යය සූදානම් වෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 4/25/2020 12:38:00 PM
වෛද්‍ය සැපයුම් බෙදාහැරීම සඳහා ඩ්‍රෝන යානා යොදාගැනීමට බ්‍රිතාන්‍යය සූදානම් වෙයි

ඖෂධ සහ වෛද්‍ය උපකරණ ඩ්‍රෝන් යානා භාවිතයෙන් බෙදා හැරීම සඳහා එක්සත් රාජධානිය අත්හදා බැලීම් සිදුකිරීමට සූදානම් වන බව එරට ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ෂැප්ස් කොරෝනා වෛරස් මැඩපැවැත්වීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී පැවසීය.

"එක්සත් රාජධානියේ භාණ්ඩ බෙදාහැරීම් සිදු කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිතා කිරීමට පෙර සිටම සැලසුම් සකස් කර තිබුණා.නමුත් කොරෝනා වෛරස් වසංගතය නිසා එම සැලසුම් ඉතා ඉක්මණින් ක්‍රියාත්මක කිරීම සඳහා දැන් අපට හදිසි අවශ්‍යතාවයක් තියෙනවා" යැයි ඔහු පැවසීය.

අත්හදා බැලීම් ලබන සතියේ ආරම්භ වන බවත් එහිදී එරට අයිල් ඔෆ් වයිට්හි පිහිටි ශාන්ත මේරි රෝහල වෙත වෛද්‍ය උපකරණ රැගෙන යන බවත් ෂැප්ස් පැවසීය.

BBC ඇසුරෙන් 

Share