කොරෝනා ආසාධිතයන්ගෙන් 40%ක් අවසන් දින හතේදී : ආසාධිත රෝගීන් සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක්

Staff Writer | Author . Translate to English or தமிழ் 4/25/2020 1:53:00 AM
කොරෝනා ආසාධිතයන්ගෙන් 40%ක් අවසන් දින හතේදී : ආසාධිත රෝගීන් සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක්

Updated : 8.00 AM

ඊයේ(24) දිනයේ වාර්තා වූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 52ක් වන අතර මුළු ආසාධිත සංඛ්‍යාව 420ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

එය මෙතෙක් දිනකට ශ්‍රී ලංකාවේ වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවයි.එය ප්‍රතිශතයක් ලෙස 12%කි.

මින් 30 දෙනෙක්ම වැලිසර නාවික හමුදා කඳවුරේ මේ වන විට සිටින සාමාජිකයෝ වෙති.

මීට අමතරව එම කඳවුරේ සිට නිවාඩු ලබා ගිය 05 දෙනකුට ඊයේ කොරෝනා ආසාධිත වී ඇති බව තහවුරු කෙරිණි.

ඒ අනුව එම කඳවුර ආශ්‍රිතව වාර්තා වූ මුළු කොරෝනා ආසාධිත සාමාජිකයන් ගණන 65ක් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් එය 15%ටත් වඩා ඉහළය.

මීට පෙර වැඩිම කොරෝනා ආසාධිතයන් ගණනක් වාර්තා වූයේ පෙරේදා(23) වන අතර මේ වන විට තුන්වැනියට වැඩිම දෛනික කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අප්‍රේල් 21 වැනි දා ය.

පෙරේදා (23) කොරෝනා රෝගීන් 38ක් වාර්තා වූ අතර අප්‍රේල් 20 වැනිදා කොරෝනා රෝගීන් 33ක් වාර්තා විය.


අවසන් දින 07 තුළ රෝගීන් 175 දෙනකු වාර්තා වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 41%කි.

අවසන් දින 07 තුළ කොරෝනා රෝගීන් වාර්තා වූ ආකාරය

  • අප්‍රේල් 18 - 10 
  • අප්‍රේල් 19 - 17
  • අප්‍රේල් 20 - 33
  • අප්‍රේල් 21 - 06
  • අප්‍රේල් 22 - 20
  • අප්‍රේල් 23 - 38
  • අප්‍රේල් 24 - 52

ඒ අනුව මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 304කි.

එමෙන්ම ⁣කොරෝනා ආසාධිත බවට තහවුරු වූ රෝගීන් 07 දෙනකු මිය ගොස් 109 දෙනකු සම්පූර්ණ සුවය ලබා තිබේ.

කොරෝනා බවට සැක සහිතව රෝගීහු 183ක් මෙි වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබති.

අවසන් සති හය එකිනෙකට සැසඳීමේදී වැඩි ආසාධිතයන් ගණනක් තහවුරු වී ඇත්තේ අප්‍රේල් 19-24 සතියේ(175) දීය.දෙවැනියට වැඩිම ආසාධිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මාර්තු 14-20 අතර සතියේදීය(66).

ඒ අනුව අවසන් සතිය (අප්‍රේල් 18-24) තුළ කොරෝනා රෝගීන් ගේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. 


අවසන් සති හයේ සිදුවූ වර්ධනය 

  • මාර්තු 14-20 = 66
  • මාර්තු 21-27 = 34
  • මාර්තු 28-අප්‍රේල් 03 = 53
  • අප්‍රේල් 04-10 = 38
  • අප්‍රේල් 11-17 = 47
  • අප්‍රේල් 19- 24 = 175



දෛනිකව රෝගීන් තහවුරු වූ ආකාරය


රෝගීන් සංඛ්‍යාව වැඩි වූ ආකාරය



Share