විෂබීජ නාශක දියර එන්නත් කරන්න එපා : ⁣ඇමෙරිකාවේ ජනාධිපතිගේ ප්‍රකාශයට ⁣විරෝධය

Staff Writer | Author . Translate to English or தமிழ் 24. 04. 2020 | 7.41pm
විෂබීජ නාශක දියර එන්නත් කරන්න එපා : ⁣ඇමෙරිකාවේ ජනාධිපතිගේ ප්‍රකාශයට ⁣විරෝධය

ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන ආකාරය⁣ට විෂබීජ නාශක දියර ශරීරය තුළ⁣ට එන්නත් කිරීම කිසිසේත්ම සුදුසු නොවන බව ඩෙටොල් සහ ලයිසෝල් නිෂ්පාදනය කරන RB සමාගම පවසයි.

විෂබීජ නාශක දියර නිෂ්පාදනය කරන ලොව විශාලතම සමාගමක් වන RB සමාගම පවසන්නේ එම නිෂ්පාදන ශරීර අභ්‍යන්තර භාවිතය සඳහා අහිතකර බවයි.

"ලෝකයේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගමක් ලෙස කිසිදු අවස්ථාවක අපගේ විෂබීජ නාශක නිෂ්පාදන මිනිස් සිරුර අභ්‍යන්තරයට (එන්නත් කිරීම හෝ වෙනත් මාර්ගයකින්) ඇතුළු නොකළ යුතු බව අප පැහැදිලිව ප්‍රකාශ කරනවා"එම සමාගම පැවසීය.

විෂබීජ නාශක සහ සනීපාරක්ෂක නිෂ්පාදන “භාවිතා කළ යුත්තේ අදාළ මාර්ගෝපදේශයන්ට අනුකූලව” බව එම ප්‍රකාශයේ සඳහන් වේ.

ශරීරයට විෂබීජ නාශක එන්නත් කිරීමෙන් කොරෝනා වයිරසයට ප්‍රතිකාර කළ හැකිද යන්න පිළිබඳව පර්යේෂණ කළ යුතු බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව වෛද්‍ය ප්‍රජාව අතර හෙතෙම අවමානයට ලක් වී තිබේ.

"විනාඩියකින් ප්‍රතික්‍රියා කරන විෂබීජ නාශක දියර සම්බන්ධයෙන් අප දන්නවා.ඒවා ශරීරය තුළට එන්නත් කිරීමෙන් හෝ පිරිසිදු කිරීම වැනි දෙයක් කළ හැකි ක්‍රමයක් තිබේද?.එසේ තිබුණොත් එය පරීක්ෂා කිරීම සිත්ගන්නාසුළු වේවි." යැයි ඔහු කීය.

ට්‍රම්ප් තවදුරටත් මෙසේ පැවසීය: "මම වෛද්‍යවරයෙක් නොවේ. නමුත් මම දැනුමක් ඇති පුද්ගලයෙක්."

ඔහු යටතේ සිටින තවත් නිලධාරියෙක් ඊට මොහොතකට පෙර කියා සිටියේ හිරු එළිය සහ විෂබීජ නාශක වෛරසය විනාශ කරන බවයි.

විෂබීජ නාශක අන්තරායකර ද්‍රව්‍ය වන අතර එය ශරීරයට ඇතුළු වුවහොත් වුවහොත් විෂ විය හැක.

බාහිර භාවිතයේදී පවා සම, ඇස් සහ ශ්වසන පද්ධතියට අනතුරුදායක විය හැකි අවස්ථා ඇත.

BBC ඇසුරෙන්

Share