වැලිසර නාවික හමුදා කඳවුරේ 30කට කොරෝනා : කඳවුරම නිරෝධායනයට

Staff Writer | Author . Translate to English or தமிழ் 23. 04. 2020 | 9.19pm
වැලිසර නාවික හමුදා කඳවුරේ 30කට කොරෝනා : කඳවුරම නිරෝධායනයට

වැලිසර නාවික හමුදා කඳවුරේ 30 දෙනකුට කොරෝනා ආසාධිත බවට තහවුරු වී ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයන් කිහිප දෙනකු අද(23) පී.සී.ආර් පරීක්ෂණයට ලක් කර තිබිණි.

එයින් කිහිප දෙනකුට පමණ සැක සහිත ලක්ෂණ තිබීම හේතුවෙන් දෙවැනි පී.සී.ආර් පරීක්ෂණයට ද ලක්කර තිබූ බව වාර්තා විය.

එහි සිට නිවාඩු ලැබ ගිය දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග එම කඳවුරේ සාමාජිකයන් මෙලෙස කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කෙරිණි.

අද සිදුකරන ලද එම පරීක්ෂණවලින් 28 දෙනකුට කොරෝනා වෛරසය වැළදී ඇතැයි තහවුරු වී තිබේ.ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා ආසාධනය වී ඇති මුළු සංඛ්‍යාව 30කි.

මීට පෙර තහවුරු වූ දෙදෙනා පොලොන්නරුවේ පුලස්තිගම සහ වාරියපොල පදිංචිකරුවෝය.

පොලොන්නරුව පුද්ගලයාට කොරෝනා ආසාධිත බවට ඊයේ(22) තහවුරු කෙරුණු අතර වාරියපොල නාවික හමුදා සාමාජිකයාට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූයේ අද සවසය.

පසුගිය දිනවල දී සුදුවැල්ලේ කොරෝනා ආසාධිතයන් නිරෝධායනයට ලක් කිරීමට එම ප්‍රදේශවල රාජකාරියට ගිය නාවික හමුදා සාමාජිකයෙකුගෙන් ඔවුනට කොරෝනා ආසාධනය වන්නට ඇතැයි ද යුද හමුදාපතිවරයා පැවසීය.

වැලිසර කඳවුරේ සියලුම අය නිරෝධායනයට ලක් කරන බව ද ඔහු කීවේය.

කඳවුරේ සිට අදාල කාලයේ දී නිවාඩු ගොස් සිටින පිරිස් ගෙන්වාගෙන ඔවුන් ද නිරෝධායනයට ලක් කිරීමට නියමිත බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව ලංකාවෙන් හඳුනාගත් මුළු කො⁣රෝනා ආසාධිතයන් ගණන 368කි

Share