'වයස්ගත කොරෝනා රෝගීන්ගේ රෝග ලක්ෂණ වෙනස්: ප්‍රතිකාර කිරීම සංකීර්ණයි'

Staff Writer | Author . Translate to English or தமிழ் 23. 04. 2020 | 6.39pm
'වයස්ගත කොරෝනා රෝගීන්ගේ රෝග ලක්ෂණ වෙනස්: ප්‍රතිකාර කිරීම සංකීර්ණයි'

කොවිඩ් -19 වැළඳුණු වයෝවෘද්ධ පුද්ගලයන්ට වෙනස් රෝග ලක්ෂණ කිහිපයක් ඇති බවත් මේ හේතුවෙන් ඔවුන්ට නිසි ප්‍රතිකාර ලබා දීම තවත් සංකීර්ණ වෙන බවත් වෛද්‍යවරුන් උපුටා දක්වමින් CNN පුවත් සේවය වාර්තා කරයි.

එම වාර්තාවේ මෙසේද සඳහන් වෙයි.

Covid-19 සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ තුනකින් සමන්විත වේ: ඒවානම් උණ,කැස්ස සහ හුස්ම හිරවීම ය.

නමුත් මෙම වෛරසයෙන් දැඩි සංකූලතා හෝ මරණයට පත්වීමේ වැඩි අවදානමක් ඇති වැඩිහිටි වයස් කාණ්ඩවල පුද්ගලයන්ට මෙම ලක්ෂණ කිසිවක් නොතිබිය හැකිය.

ඒ වෙනුවට වෛරසය ආසාධනය වූ පසු වැඩිහිටියන් වෙනස් ආකාරයට හැසිරෙයි. වෙනදා මෙන් ක්‍රියා නොකරයි. ඔවුන් වෙනදාට වඩා නිදා ගැනීමට පෙලඹිය හැකි අතර ආහාර ගැනීම නතර කළ හැකිය. ඔවුන් අසාමාන්‍ය ලෙස උදාසීන හෝ ව්‍යාකූල බවක් පෙනෙන්නට ඇති අතර ඔවුන්ගේ වටපිටාව කෙරෙහි අවධානය නැති වී යයි.

"බොහෝ රෝග තත්ත්වලදී වයෝවෘද්ධ පුද්ගලයන් අසාමාන්‍ය හැසිරීම් පෙන්නුම් කරන අතර කොවිඩ්-19 වෛරසය වැළඳුණු අයගෙන්ද මෙම ගති ලක්ෂණ පෙන්නුම් කරයි" යැයි එමරි විශ්ව විද්‍යාලයේ වයෝවෘද්ධ හා ප්‍රවේණි විද්‍යාව පිළිබඳ අංශ ප්‍රධානී වෛද්‍ය කැමීල් වෝගන් පැවසීය.

ෆ්ලොරිඩා අත්ලාන්තික් විශ්ව විද්‍යාලයේ ෂ්මිට් වෛද්‍ය විද්‍යාලයේ වයෝවෘද්ධ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන වෛද්‍ය ජෝශප් ඖස්ලැන්ඩර් පැවසුවේ වයසින් වැඩිවන විට “යමෙකුගේ ප්‍රතිශක්තිකරණ ශක්තිය හීන වී උෂ්ණත්වය නියාමනය කිරීමේ හැකියාව ද දුර්වල වීමට ඉඩ ඇති බවයි" හැකිය.

මෙම ලක්ෂණ හඳුනා ගැනීම ඉතා වැදගත් ය. මුල් රෝග ලක්ෂණ මඟ හැරුණහොත් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පෙර ඔවුන්ගේ සෞඛ්‍යය පිරිහීමට ලක්විය හැකිය. 

සීඑන්එන් ඇසුරෙන්  

Cover Photo : Getty Images 

Share