පාර්ලිමේන්තුව නැවත කැඳවන්නෙ නෑ - හිටපු කතානායක

Staff Writer | Author . Translate to English or தமிழ் 23. 04. 2020 | 11.24am
පාර්ලිමේන්තුව නැවත කැඳවන්නෙ නෑ - හිටපු කතානායක

පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවීමට තමන් සූදානම් වන බවට පළවන මාධ්‍ය වාර්තා සහ ප්‍රචාර අසත්‍ය බව හිටපු කතානායක කරු ජයසූරිය පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කරන්නේ යළිත් ව්‍යවස්ථා අර්බුදයකට මගපෑදීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නැති බවයි. එම නිසා ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඔහු එහි සඳහන් කර ඇත.

මේ අතර අද (23) දිනයේදී හිටපු කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමක් පැවැත්වීමට නියමිත ය.

Share