අද දවසට හමුවූ කොරෝනා රෝගීන් ගණන 20ක් දක්වා ඉහළට

Staff Writer | Author . Translate to English or தமிழ் 22. 04. 2020 | 7.28pm
අද දවසට හමුවූ කොරෝනා රෝගීන් ගණන 20ක් දක්වා ඉහළට

Update: 11.40PM

තවත් දෙදෙනකු කොරෝනා ආසාධිත බවට තහවුරු කෙරුණු  බවත් ඒ අනුව මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 330 දක්වා ඉහළ ගොස් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අනුව අද (22) තහවුරු කෙරුණු මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් ඇත.

මෙය දිනකට වාර්තා වූ තුන්වැනි වැඩිම රෝගීන් සංඛ්‍යාවයි.

Update: 11.30PM

කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 328 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අද (22) රාත්‍රී 11.30 වන විට තවත් රෝගීන් පස් දෙනකු තහවුරු වීමත් සමගය.

අද තහවුරු කෙරුණු මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 18කි.

ඒ අනුව කොරෝනා රෝගීන් 216 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන අතර 105 දෙනකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.කොරෝනා රෝගීහු 07 දෙනෙක් මිය ගියහ.

Update: 7.30PM

තවත් එක් කොරෝනා ආසාධිතයකු තහවුරු වීමත් සමග මුළු කොරෝනා රෝගීන් ගණන 323 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අනුව අද (22) මේ වන තෙක් තහවුරු කෙරුණු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 13කි.

Share