බේරුවලින් රෝගීන් 11ක් : පොලොන්නරුව රෝහලෙන් එක් රෝගියෙක්

Staff Writer | Author . Translate to English or தமிழ் 22. 04. 2020 | 5.31pm
බේරුවලින් රෝගීන් 11ක් : පොලොන්නරුව රෝහලෙන් එක් රෝගියෙක්

තවත් කොරෝනා ආසාධිත රෝගියකු තහවුරු වීමත් සමග මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 322 දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව අද(22) මේ දක්වා රෝගීන් 12 දෙනකු හමුවී ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පවසයි.

අද හමුවූ 12 දෙනාගෙන් 11 දෙනකු මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයක සිටින බේරුවල පදිංචිකරුවන් පිරිසක් බව සඳහන් වේ.

අනෙක රෝගියා පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකි. 

Share