මිසූරි ප්‍රාන්තයෙන් චීනයට නඩු

Staff Writer | Author . Translate to English or தமிழ் 22. 04. 2020 | 11.37am
මිසූරි ප්‍රාන්තයෙන් චීනයට නඩු

'හිතාමතා රැවටීම' මගින් ගෝලීය කෝවිඩ් -19 වසංගතයට තුඩු දුන් බවට චෝදනා කරමින් ඇමෙරිකාවේ මිසූරි ප්‍රාන්තය චීන රජයට සහ පාලක කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව නඩු පවරයි.

"චීන රජය කොවිඩ් -19 හි අන්තරාය සහ බෝවන ස්වභාවය ගැන ලොවට බොරු කිව්වා.වෛරසය ගැන අනතුරු ඇඟවූ වෛද්‍යවරුන් නිහඬ කළ අතර රෝගය පැතිරීම නැවැත්වීමට එතරම් දෙයක් කළේ නැහැ. ඔවුන්ගේ ක්‍රියාවන්ට ඔවුන් වගකිව යුතුයි."යැයි මිසූරි නීතිපති එරික් ෂ්මිට් පැවසීය.

මෙම නඩුව මගින් ප්‍රාන්තය තුළ සිදුවී ඇති ජීවිත හානි, මිනිසුන් විඳවීම සහ ආර්ථික කැලඹීම් වලට වන්දි ඉල්ලා සිටී.

මෙම අර්බුදය වැරදි ලෙස හැසිරවූ බවට වන චෝදනා චීනය තරයේ ප්‍රතික්ෂේප කරයි.

මිසූරි නිලධාරීන් මෙම නඩුව "⁣ඓතිහාසික" ලෙස හැඳින්වුවද, නිරීක්ෂකයින් පවසන්නේ එක්සත් ජනපද නීතිය විදේශ රජයන්ට එවැනි ක්‍රියාවන්ගෙන් නිදහස් වීමක් ලබා දෙන බැවින් එය සැලකිය යුතු නීතිමය හා කාර්ය පටිපාටික බාධක වලට මුහුණ දෙනු ඇති බවයි.

චීනයට එරෙහිව මිසූරි ජනපදය විසින් ගෙන එන ලද මෙම සිවිල් නඩුව පැමිණෙන්නේ වසංගතය සම්බන්ධයෙන් ඇමෙරිකාව බීජිං රජයට දැඩි ලෙස ඇඟිල්ල දිගු කරන මොහොතක ය.

චීනය මුලින් වෛරසය හැසිරවූ ආකාරය ගැන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රශංසා කළ නමුත් එක්සත් ජනපදය තුළ වෛරසය පැතිරීමත් සමග පීඩනයට ලක්වීමෙන් පසුව ඔහු චීනය ඊට වගකිව යුතු බවට චෝදනා කළේය.

චමේ වසර අගදී පැවැත්වීමට නියමිත එක්සත් ජනපද මැතිවරණයත් සමඟ නිරීක්ෂකයින් මත පළ කරන්නේ මිසූරි නඩුව සහ එක්සත් ජනපද සමාගම් විසින් ගෙන එන ලද වෙනත් නඩු කටයුතු හේතුවෙන් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය දේශපාලන අවසානයක් දකිනු ඇති බවයි.

"ඇමෙරිකානු ආණ්ඩුවේ වැරදි පියවා ගැනීම සඳහා චීනය පිළිබඳ දේශපාලනික වැඩි අවධානයක් යොමු කරවන බව අපට පෙනේ” යැයි චිකාගෝ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර නීතිය පිළිබඳ මහාචාර්ය ටොම් ගින්ස්බර්ග් රොයිටර් පුවත් සේවයට පැවසීය.

"එවැනි නඩුවලට බිය වීමට දෙයක් චීනයට නැත. එක්සත් ජනපද උසාවිවල නඩු පැවරීමේදී විදේශ රජයන් ආරක්ෂා වන ආකාරයේ ප්‍රතිපාදන දැකිය හැකි අතර චීනයට එරෙහිව නඩු දැමීමට අවශ්‍ය නම් එසේ කිරීමට සිදුවන්නේ බීජිං රජයට ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඇති ජාත්‍යන්තර උසාවියක ය." බීබිසිය සඳහන් කරයි.

BBC ඇසුරෙන්

Cover photo : AFP

Share