ඕ.අයි.සීගේ අම්මට එන්න කියාපං - හිමිනම අයිපීට බැන වදියි

Staff Writer | Author . Translate to English or தமிழ் 21. 04. 2020 | 8.02pm
ඕ.අයි.සීගේ අම්මට එන්න කියාපං - හිමිනම අයිපීට බැන වදියි

වාරියපොළ පොලිසියේ දී පොලිස් පරීක්ෂකවරයකුට පහර දුන් බව කියන පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කරවා ඇතත් ඊට ආධාර අනුබල දුන් හිමිනම අත්අඩංගුවට ගෙන නැතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

පහර දුන් බව කියන පුද්ගලයා වාරියපොළ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබ තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් MediaLK.com සහ lankadeepa වෙබ් අඩවි වාර්තා කිරීමෙන් පසු විමර්ශනයක් ආරම්භ කර තිබේ. සිද්ධිය වූ වාරියපොල පොලිසියට සහකාර පොලිස් අධිකාරීවරයකු සහ කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා ඊයේ(20) රාත්‍රීයේම පිටත්කර හැර ඇති අතර සහකාර පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබ තිබේ.

කසිප්පු ජාවාරම්කරු සහ ප්‍රදේශයේ හිමිනමක පොලිස් පරීක්ෂකවරයාට දුරකතනයෙන් කතා කර තර්ජනය කර ඇති බවට සහ පොලිස් ස්ථානයේ දී හිමි නම කළහකාරීව හැසිරුණු බවට වීඩියෝ සාක්ෂි සහ හඬ පට සාක්ෂි පොලිසියට ලැබී තිබුණ ද මේ වන තෙක් එම හිමිනම අත්අඩංගුවට ගෙන නැත.

උසස් පොලිස් නිලධාරියකුගේ උපදෙස් මත බව කියමින් අදාල හිමිනම ද වාරියපොල පොලිසියට පැමිණි පොලිස් පරීක්ෂකට එරෙහිව පැමිණිල්ලක් කර තිබේ. 

හිමි නම මෙසේ බැණ වදින හඬපට ද තිබෙන බව පොලිසිය පවසයි. එම හඬපටවල හිමිනම මෙසේ කියනු ඇසේ.

''ඔයාගේ අයිපීකම වෙනයි. අසල්වාසීකම වෙනයි. මම ඔයාට කියන්නේ අසල්වාසීකම. ඕඅයිසී හෙට යනවානේ අලුත්නුවර හරි කොහේ හරි. ඕකා මට ලොකුත් නෑ ඕඅයිසී. කියපං ඕඅයිසීට ජෝනා කියලා එනවා. ජෝනාගේ අල්ලන්න එකක්වත් නෑ. උඹ දැන් පිස්සු කෙළලානේ. උඹ ඕඅයිසීට කියලානේ මේ ගැන. උඹ ගමේ ඉන්න ඕනෑ. පොලිස්කාරයාගේ නිලඇඳුම විතරයි පොලිසියේ තියෙන්නේ. උඹ වාරියපොළ ඉන්න ඕනා නම් මූ ෂේප් කරන්න.. (අපහැදිලියි)... '' ''පොලිසිය තියෙන්නේ තාවකාලිකයි. පොලිස් කාරයෙක් විදියට උඹවත් විශ්වාස නෑ.'', ''මම බයත් නෑ. මම විජේගුණවර්ධනටත් කතා කළා. ඒකාගේ තාත්තාගේ දානේ අද. .... අරක්කු පෙරනවා.. ඒක ඇත්ත. මම දන්නවා. මේකව මම දැන් එවනවා. ඕඅයිසීට කියන්න.''

''යකෝ ඒඑස්පී.... රත්තරන්. මේ හු....ගේ ඕඅයිසී ඕකා මොකෙක්ද? ප.. ඕඅයිසී. ඌට රඟන්න බෑ හරිද? උගේ අම්මට එන්න කියපං පංසලට දැන්. මං දැන් පොලිසියට එනවා. ප... උඹ පොලිසියට වරෙංකෝ. කසිප්පුකාරයන්ට අපි කැමති නෑ. හැබැයිි අපිට උදව්කරනවා හරිද. ''

''මේකේ කසිප්පු පෙරන උන් ඕන තරං ඉන්නවා. මේක හදනවා නම් උඹ ජනාධිපති වෙන්න ඕනා. ඔය ඕඅයිසී කෙළෝ ගන්නේ උඹ නිසා. ''

Share