ඉතිහාසයේ පළමු වතාවට ඇමෙරිකාවේ බොර⁣තෙල් මිල ඍණ අගයකට

Staff Writer | Author . Translate to English or தமிழ் 21. 04. 2020 | 12.02pm
ඉතිහාසයේ පළමු වතාවට ඇමෙරිකාවේ බොර⁣තෙල් මිල ඍණ අගයකට

ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකාවේ බොරතෙල් මිල ගණන් ඍණාත්මක අගයකට වැටුණු බවත් බොරතල් බැරලයක මිල ඍණ 37.63ක් දක්වා පහත වැටුණු බවත් බීබීසිය පවසයි. 

වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් වෙළෙඳපොළේ බොරතල් බැරලයක මිල ඊයේ (20) සඳහන් වූයේ ඇමෙරිකානු ඩොලර් ඍණ 37.63ක් ලෙසයි.
මින් අදහස් කෙරෙන්නේ තෙල් මිලදී ගැනීම සඳහා අදාළ තෙල් නිෂ්පාදන සමාගම් මිලදී ගන්නන්ට මුදල් ගෙවන බවයි. 

මීට හේතුව වී ඇත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාව නිවෙස්වලට වී සිටින නිසා ඉන්ධන භාවිතය අඩුවී තෙල් සඳහා ඇති ඉල්ලුම අඩු වීමයි.

මේ හේතුවෙන් අතිරික්ත වන තෙල් ගබඩා කිරීමට නොහැකි වන සේ තෙල් නිෂ්පාදන සමාගම්වල ගබඩා පහසුකම් ද සම්පූර්ණයෙන් පිරී ගොස් ඇතැයි සඳහන් වෙයි . එවිට තෙල් ගබඩා කිරීම සඳහා ටැංකි කුලියට ගැනීමට සිදුවන අතර ඒ සඳහා අධික වියදමක් දැරීමටද සිදුවෙනු ඇත.

මැයි මාසයේදී නිෂ්පාදනය කරන තෙල් ගබඩා කිරීමට ද එම ගබඩාවල ඉඩ නොමැති වනු ඇතැයි වාර්තා වේ.
කෙසේ නමුත් අද (22) වනවිට බොරතෙල් බැරලයක මිල නැවත ධන අගයකට පැමිණෙමින් පැවති බව සඳහන් වෙයි.

Share