ඉන්දියාවේ මාධ්‍යවේදීන් 53කට කොරෝනා

Staff Writer | Author . Translate to English or தமிழ் 20. 04. 2020 | 8.07pm
ඉන්දියාවේ මාධ්‍යවේදීන් 53කට කොරෝනා

ඉන්දියාවේ මාධ්‍යවේදීන් 53 දෙනකු කොරෝනා වෛරසය ආසාධිත බවට තහවුරු වී ඇතැයි ද හින්දු පුවත් සේවය පවසයි.

මාධ්‍යවේදීන් 167 දෙනකුගේ සාම්පල මේ වන විට ලබාගෙන ඇතැයි ද බි‍්‍රහන්මුම්බායි මහ නගර සභාවේ සෞඛ්‍ය කමිටුව උපුටා දක්වමින් එම පුවත් සේවය වාර්තා කරයි.

මුම්බායි හී මාධ්‍යවේදීන් කිහිප දෙනකුටද වෛරසය ආසාධනය වී ඇතැයි ද මේ හේතුවෙන් මාධ්‍යවේදීන්ට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටියේය.

එමෙන්ම වෛරසය සඳහා පරීක්ෂා විය යුතු බවට හැඟෙන ඕනෑම කෙනෙක්ට ඒ සඳහා අවස්ථාව ලබාදෙන බවද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් Indiatvnews වෙබ් අඩවිය වාර්තා කර ති⁣බුණේ මෙලෙසය.

මාධ්‍යවේදීන් වෙනුවෙන් COVID-19 පරීක්ෂණ කිරීම සඳහා අප්‍රේල් 16 සහ 17 යන දෙදින තුළ අසාද් ක‍්‍රීඩාංගණයේදී සංවිධානය කරන ලද විශේෂ කඳවුරකදී බි‍්‍රහන්මුම්බායි මහ නගර සභාව (BMC) ඉලෙක්ට්‍රොනික්-පුවත්පත් මාධ්‍යවේදීන්, ඡායාරූප මාධ්‍යවේදීන් සහ කැමරා ශිල්පීන් ඇතුළු 171 දෙනකුගේ සාම්පල ලබාගත්⁣තේය.

එම සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව මුම්බායි හි අවම වශයෙන් මාධ්‍යවේදීන් 53 දෙනෙකු වෛරසය ආසාධිත බවට තහවුරු වූ බව බ්‍රිහාන් මුම්බායි මහ නගර සභාව පවසයි.

"සාම්පල ලබාගත් මාධ්‍යවේදීන් 171 දෙනකු අතරින් 53 දෙනකුට වෛරසය ආසාධිත බවට තහවුරු වුණා.මොවුන්ගෙන් බොහෝ අය අලක්ෂණීය(රෝග ලක්ෂණ නොපෙන්වන) බවට නිරීක්ෂණය වී තිබෙනවා."එම නගර සභාවෙි ප්‍රකාශක විජේ ඛාබලේ පැවසීය.

කොරෝනා ආසාදනය වූ සියලුම මාධ්‍යවේදීන් හුදකලා කර තබන අතර ඒ සඳහා සුදුසු ස්ථාන සොයා ගැනීමේ ක්‍රියාවලියක් සිදු කෙරෙමින් පවතින බව ද ඔහු පැවසීය.

ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වූ ඉහළ සහ අඩු අවදානම් සම්බන්ධතා සොයා ගැනීමට ද උත්සාහ දරන බව පැවසේ.

The hindu IndiaTvnews

Cover Photo : Reuters 

Share