තවත් කොරෝනා ආසාධිතයෝ 24ක් : මුළු ගණන 295ට නඟී

Staff Writer | Author . Translate to English or தமிழ் 20. 04. 2020 | 9.45am
තවත් කොරෝනා ආසාධිතයෝ 24ක් : මුළු ගණන 295ට නඟී

නව කොරෝනා රෝගය ආසාධනය වූ තවත් 24 දෙනකු තහවුරු වීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ කොරෝනා ආසාධිතයන්ගේ ගණන 295ක් දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

දිනක දී හමුවූ වැඩිම කොරෝනා ආසාධිතයන් ගණන මෙය බවත්, තවදුරටත් පර්යේෂණ සිදුකරගෙන යන බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අද(20) වාර්තා වූ රෝගීන් සියලු දෙනා කොළඹ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සෞඛ්‍ය අංශ කියයි.

වෛද්‍යවරුන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් ඊයේ සහ පෙරේදා බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් ජෛව සාම්පල ලබාලෙන පර්යේෂණ සඳහා යොමු කිරීමට කටයුතු කර තිබිණි.

Share