කොරෝනා රෝගීන් ගණන 254 දක්වා ඉහළ යයි

Staff Writer | Author . Translate to English or தமிழ் 18. 04. 2020 | 11.43pm
කොරෝනා රෝගීන් ගණන 254 දක්වා ඉහළ යයි

තවත් ආසාධිතයන් 06 දෙනෙක් තහවුරු විමෙන් පසු ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 254 දක්වා වැඩි වූ බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මොවුන් හය දෙනා වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමුවූ බව සෞඛය අමාත්‍යාංශය කියයි.

මෙරට තහවුරු කෙරුණු රෝගින්ගෙන් රෝගීන් 86 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර 07 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 

තවත් කොරෝනා රෝගීන් 161 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කොරෝනා යැයි සැකපිට මේ වන විට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින ගණන 103 කි.

Share