ඇමෙරිකානු ජනාධිපති ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන අරමුදල් කපාහරියි

Staff Writer | Author . Translate to English or தமிழ் 15. 04. 2020 | 7.56am
ඇමෙරිකානු ජනාධිපති ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන අරමුදල් කපාහරියි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහා ලබාදෙන අරමුදල් කපා හැර තිබේ.

ඒ කොවිඩ් -19 වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී ‘අසාර්ථක’ වීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වගකිව යුතු බවත් එය චීනය ලබාදුන් සාවද්‍ය තොරතුරු ප්‍රවර්ධනය කළ බවත් අවධාරනය කරමින් ය.

“අද මම මගේ පරිපාලනයට උපදෙස් දෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල් නතර කරන ලෙසයි. කොරෝනා වෛරසය පැතිරීම වසන් කිරීම සඳහා සංවිධානයේ කාර්යභාරය සොයාබැලීම සඳහා සමාලෝචනයක් ද පවත්වනවා,” ට්‍රම්ප් අඟහරුවාදා ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවකදී පැවසීය.

කාලෝචිත හා විනිවිදභාවයකින් යුතුව තොරතුරු ලබා ගැනීමට, වෛරසය ගැන විමසිලිමත් වීමට හා එම තොරතුරු බෙදා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපොහොසත් වූ බවත් බීජිංහි බලධාරීන් අමනාප වේ යැයි බියෙන් කොවිඩ් -19 වසංගතයේ මුල් අවධියේදී වැදගත් දත්ත වසන් කර ඇති බවත් ට්‍රම්ප් පැවසීය.

RT.com ඇසුරෙන්

Share