කොරෝනා ආසාධිත ගණන 219ට නඟී

Staff Writer | Author . Translate to English or தமிழ் 14. 04. 2020 | 4.47pm
කොරෝනා ආසාධිත ගණන 219ට නඟී

තවත් කොරෝනා ආසාධිතයකු තහවුරු විමෙන් පසු ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 219 දක්වා වැඩි වූ බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මෙරට තහවුරු කෙරුණු රෝගින්ගෙන් රෝගීන් 59 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර 07 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 

තවත් කොරෝනා රෝගීන් 153 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කොරෝනා යැයි සැකපිට මේ වන විට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින ගණන 142 කි.

ඊයේ(14) රෝගීන් 08 දෙනෙකු කොරෝනා ආසාධිත බවට තහවුරු වූ අතර කොරෝනා රෝගිහූ 03 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා පිටව ගියහ.

Share