කොරෝනා වෛරසය නැති රටවල් 16ක්

Staff Writer | Author . Translate to English or தமிழ் 13. 04. 2020 | 10.30pm
Medialk sample image

කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙස නම් කර ඇති නමුත් තවමත් එකදු කොරෝනා රෝගියකු හෝ තහවුරු නොවූ රටවල් අතළොස්සක් වාර්තා වෙයි.

2019 දෙසැම්බරයේ දී කොරෝනා වෛරසය චීනයට පමණක් සීමා වූ බවක් පෙනෙන්නට තිබූ නමුත් සති කිහිපයකට පසු COVID-19 නමින් හැඳින්වෙන රෝගයට හේතු වන මෙම කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් බවට පත්විය.

මේ වන විට මෙම වෛරසය අවම වශයෙන් රටවල් 185 කින් වාර්තා වී ඇත.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සකස් කරන ලද දත්ත වලට අනුව මෙම වෛරසය මේ වන විට මිලියන 1.8 කට වැඩි පිරිසකට ආසාධනය වී ඇති අතර ලෝකයේ මුළු මරණ සංඛ්‍යාව 117,000 ඉක්මවා තිබේ.

ආසාධිත රෝගීන් 435,000 කට වැඩි පිරිසක් මේ වන විට සුවය ලබා ඇත.

මේ දක්වා එකදු කොරෝනා රෝගියකු හෝ වාර්තා නොකළ රටවල් කිහිපයක් පහත දැක්වෙයි.

  1.  කොමරෝස් (Comoros)
  2.  කිරිබාති (Kiribati)
  3.  ලෙසෝතෝ (Lesotho)
  4.  මාෂල් දූපත් (Marshall Islands)
  5.  මයික්‍රොනීසියාව (Micronesia)
  6.  නාවුරූ (Nauru)
  7.  උතුරු කොරියාව (North Korea)
  8.  පලාවු (Palau)
  9.  සැමෝවා (Samao)
  10.  සාඕ ටොම් සහ ප්‍රින්සිපි (Sao Tome and Principe)
  11.  සොලමන් දූපත් (Solamon Islands)
  12.  ටජිකිස්තානය (Tajikistan)
  13.  ටොංගා (Tonga)
  14.  ටර්ක්මෙනිස්තානය (Turkmenista
  15.  ටුවාලු (Tuvalu)
  16.  වනුවාටු (Vanuatu)


Share