බ්‍රිතාන්‍ය අගමැතිවරයා රෝහලෙන් පිටව යයි

Staff Writer | Author . Translate to English or தமிழ் 12. 04. 2020 | 6.31pm
බ්‍රිතාන්‍ය අගමැතිවරයා රෝහලෙන් පිටව යයි

කොරෝනා වෛරසය වැළඳීමෙන් අනතුරුව  රෝහල්ගතව සිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති නමුත් දැන්ම සේවයට නොපැමිණෙන බව අගමැති කාර්යාලය පවසයි.

55 හැවිරිදි ජොන්සන් මහතා පසුගිය ඉරිදා (05) ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලට ඇතුළත් කරන ලැබුවේ "අඩුනොවන රෝග ලක්ෂණ" හෙතුවෙනි.

ඔහු දින තුනක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවේ අසාධ්‍ය තත්ත්වයට පත්වීමෙන් පසුවය.

"ඔහුගේ වෛද්‍ය කණ්ඩායමේ උපදෙස් පරිදි අගමැතිවරයා දැන්ම සේවයට නොඑනු ඇත." යැයි අගමැති කාර්යාලය පැවසීය.

තමාට ලබාදුන් අතිවිශිෂ්ට සත්කාරය පිළිබඳව අගමැතිවරයා ශාන්ත තෝමස් රෝහලේ සියලු දෙනාට ස්තූතිවන්ත වන බව අගමැතිවරයා කීය.

බීබීසී ඇසුරෙන් 

Share