කොරෝනා ආසාධිතයින් ගණන 200 පනී

Staff Writer | Author . Translate to English or தமிழ் 12. 04. 2020 | 1.40pm
කොරෝනා ආසාධිතයින් ගණන 200 පනී

ශ්‍රී ලංකාවෙන් තහවුරු කර ගත් කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව 200 ඉක්මවා ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ තවත් සිව් දෙනකු කොරෝනා ආසාධිත බවට තහවුරු වීමත් සමඟය.ඒ අනුව මුළු ආසාධිත රෝගීන් ගණන 203 දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා ආසාධිතයන්ගෙන් 55 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වි ඇත.  

මේ වන විට තහවුරු වූ කොරෝනා රෝගීන් 141 දෙනකු ප්‍රතිකාර ලබති.

Share