කොරෝනා ආසාධිතයෝ තව 07ක් : මුළු ගණන 197ක් වෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 11. 04. 2020 | 7.22am
කොරෝනා ආසාධිතයෝ තව 07ක් : මුළු ගණන 197ක් වෙයි

කොරෝනා ආසාධිත තවත් හත් දෙනකු ඊයේ (10) රාත්‍රී 11.30 වන විට තහවුරු කර ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් තහවුරු කර ගත් කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව 197 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඉන් හය දෙනකු ජා-ඇල සිට නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන ගිය පිරිසේ සිටින බව පැවසේ.

ශ්‍රී ලංකාවෙන් තහවුරු කර ගත් කොරෝනා ආසාධිතයන්ගෙන් 54 දෙනකු පූර්ණ සුවය ලබා පිටව ගිය බවත්, හත් දෙනකු ජීවිතක්ෂයට වූ බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Share