පොලිසියෙන් අත්අඩංගුවට ගත් විශ්ව විද්‍යාල සිසුවාට ඇප

Staff Writer | Author . Translate to English or தமிழ் 09. 04. 2020 | 5.06pm
පොලිසියෙන් අත්අඩංගුවට ගත් විශ්ව විද්‍යාල සිසුවාට ඇප

සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු පළ කළැයි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි විශ්ව විද්‍යාල සිසුවා ඇප පිට මුදා හැරීමට කොළඹ අංක 06 මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ඇප තැබීම ජුනී මස හතර වැනිදා සිදු කිරීමට නියෝග කළ අධිකරණය එතෙක් සිසුවා පුද්ගලික ඇපයක් මත මුදා හැරීමට නියෝග කළේය. 

සිසුවා වෙනුවෙන් නීතීඥ නුවන් බෝපගේ මහතා සහ නීතීඥ ශමිත් සගන්ත මහතා කරුණු දක්වමින් පැවසුවේ සිසුවා මහජන කැළඹීමක් ඇති වන ආකාරයෙන් කටයුතු කර නැති බවයි. එවැනි චේතනාවක් සිසුවාට නොතිබුනු බවත්, මෙම කරුණු ඇත්තද නැත්තද යන්න තීරණය කිරීමට පොලිසියට හැකියාවක් නැති බවත් නීතීඥවරු කීහ.

දණ්ඩ නීති සංග්‍රහය, පරිගණක අපරාධ පනත සහ නිරෝධායන ආඥා පනත යටතේ සිසුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිසුවා ඇප පිට මුදා හැරීමට නියෝග කළේය.

Share