කොරෝනා ආසාධිතයන් මුහුදට දැමුවායැයි හුවමාරුවෙන වීඩියෝව 2014 එකක්

Staff Writer | Author . Translate to English or தமிழ் 09. 04. 2020 | 10.56am
කොරෝනා ආසාධිතයන් මුහුදට දැමුවායැයි හුවමාරුවෙන වීඩියෝව 2014 එකක්

කොරෝනා ආසාධනය වී මරණයට පත්වන පිරිස්වල මළ සිරුරු මුහුදට අතහරින බැවින් මාළු ආහාරයට ගැනීම නතර කරන ලෙස ඉල්ලමින් සමාජ මාධ්‍යවල සැරිසරන වීඩියෝව 2014 වසරේ වීඩියෝවක් බව medialk.com කළ සොයා බැලීමක දී තහවුරු විය.

කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් මුහුදට දමන බවත් මේ හේතුවෙන් මාළු ආහාරයට ගැනීමෙන් වළකින ලෙසට සඳහන් පණිවිඩයක් එම වීඩියෝව සමග හුවමාරු වෙයි.

නමුත් මෙම වීඩියෝව 2014 වසරේ සිදුවූ සිද්ධියකට අදාල වීඩියෝවකි.

යුරෝපය බලා ගමන් ගත් නීතිවිරෝධී සංක්‍රමණිකයන් 200ක පමණ පිරිසක් රැගත් බෝට්ටුවක් 2014 වසරේ අගෝස්තු 22 ට්‍රිපෝලි ආසන්න මුහුදේ දී අනතුරට පත්වී එහි සිටි මගීන්ගේ සිරුරු අල් කර්බොල් වෙරළට ගසාගෙන ආ අයුරු එම වීඩියෝවේ දැක්වෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2014 වසරේදී Getty Images පළ කළ ඡායාරූප පහත දැක්වේ. 





මේ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා කිහිපයක් පහත දැක්වේ.

2014 අගෝස්තු 25 Daily Mail වෙබ් අඩිවය පළ කළ පුවත


2014 අගෝස්තු 23 වොෂිංටන් පෝස්ට් වෙබ් අඩිවය පළ කළ පුවත

එහි මුල් වීඩියෝව පහතින්.


Share