කොරෝනා ආසාධිතයින් ගණන 178 දක්වා ඉහළට

Staff Writer | Author . Translate to English or தமிழ் 06. 04. 2020 | 5.32pm
කොරෝනා ආසාධිතයින් ගණන 178 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් තහවුරු කර ගත් කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව 178 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

කොරෝනා ආසාධිතයන්ගෙන් 34 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වි ඇත.  

තවත් ආසාධිතයෝ 137 දෙනෙක් ප්‍රතිකාර ලබති.

කොරෝනා යැයි සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින ගණන 257 කි.

Share