ඇමෙරිකාවේ සත්තු වත්තක ව්‍යාඝ්‍රයෙකුටත් කොරෝනා වැළඳෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 06. 04. 2020 | 3.58am
ඇමෙරිකාවේ සත්තු වත්තක ව්‍යාඝ්‍රයෙකුටත් කොරෝනා වැළඳෙයි

ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි බ්‍රොන්ක්ස් සත්ව උද්‍යානයේ ව්‍යාඝ්‍රයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කරයි.

නාඩියා නම් 4 හැවිරිදි මෙම මලයාන් ව්‍යාඝ්‍රයා වියළි කැස්සක් ඇතිවීමෙන් පසු කළ පරීක්ෂණයකදී කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බවට තහවුරු වී තිබේ. ඇයට සුවය ලැබෙනු ඇතැයි වනජීවී සංරක්ෂණ සංගමයේ බ්‍රොන්ක්ස් සත්ව උද්‍යානය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට (යූඑස්ඩීඒ) අනුව, මෙම ව්‍යාඝ්‍රයා හා සත්වෝද්‍යානයේ තවත් ව්‍යාඝ්‍රයන් පස් දෙනකු සහ සිංහයන් කිහිප දෙනකු ශ්වසන රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පටන් ගෙන තිබේ.ඉන්පසුව නාඩියා ගේ සාම්පල  පරීක්ෂා කර ඇත. 

සත්වෝද්‍යානයේ වෙනත් සතුන් කිසිවක් රෝග ලක්ෂණ නොපෙන්වන බවද එම නිවේදනයේ දැක්වෙයි.

එම සත්වෝද්‍යානයේ ප්‍රකාශයකට අනුව සත්වෝද්‍යාන සේවකයෙකුට මෙම වෛරසය ආසාදනය වී ඇති අතර මාර්තු 16 සිට බ්‍රොන්ක්ස් සත්ව උද්‍යානය මහජනතාව සඳහා වසා දැමිණි.

කොරෝනා වෛරසයෙන් පෙළෙන ඕනෑම කෙනෙකු සුරතල් සතුන් ඇතුළු සතුන් සමඟ සම්බන්ධතා අවම කර ගැනීමට උපදෙස් දෙන බව යූඑස්ඩීඒ පවසයි.

සීඑන්එන් ඇසුරෙන් 

Cover photo : US Wildlife Conservation Society 

Share