බ්‍රිතාන්‍ය අගමැතිවරයා රෝහල්ගත කරයි

Staff Writer | Author . Translate to English or தமிழ் 06. 04. 2020 | 3.06am
බ්‍රිතාන්‍ය අගමැතිවරයා රෝහල්ගත කරයි

කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බවට නිවෙිදනය කිරීමෙන් දින 10 කට පසු බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇති බව බීබීසී පුවත් සේවය පවසයි.

ඉරිදා සවස ඔහුව ලන්ඩනයේ රෝහලකට ගෙන ගොස් ඇත්තේ ශරීර උෂ්ණත්වය ඇතුළු ඔහුගේ රෝග ලක්ෂණ අඩු නොවූ නිසාය.

එය ඔහුගේ වෛද්‍යවරයාගේ උපදෙස් මත ගන්නා ලද "පූර්ව ආරක්ෂක පියවරක්" යැයි කියනු ලැබේ.

අග්‍රාමාත්‍යවරයා තවදුරටත් රජය භාරව කටයුතු කරන නමුත් විදේශ ලේකම්වරයා සඳුදා උදෑසන පැවැත්වෙන කොරෝනා සම්බන්ධ රැස්වීමක මුලසුන හොබවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජොන්සන් මහතා එක් දිනක් රෝහලේ රැඳී සිටිනු ඇතැයි අපේක්ෂා කරන අතර එය “සාමාන්‍ය පරීක්ෂණයක්” ලෙස විස්තර කර ඇති බව බීබීසී දේශපාලන කර්තෘ ලෝරා කුවෙන්ස්බර්ග් පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඩව්නිංහී ප්‍රකාශිකාවක පැවසුවේ ඔහුගේ වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි අගමැතිවරයා අද රාත්‍රියේ පරීක්ෂණ සඳහා රෝහල් ගත කර තිබෙන බවයි.

"මෙය පූර්වා ආරක්ෂාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. වෛරසය සඳහා ධනාත්මක බවට පරීක්‍ෂා කිරීමෙන් දින 10 කට පසුව අග්‍රාමාත්‍යවරයාට කොරෝනා වෛරසයේ අඛණ්ඩ රෝග ලක්ෂණ තවම තියෙනවා." එම ප්‍රකාශිකාව පැවසීය.

ජොන්සන් මහතා මාර්තු 27 වැනිදා කොරෝනා වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂණයක් කළ බව නිවේදනය කළ අතර එදින සිට නිවසේ සිට රාජකාරී කළේය.

ඔහු බ්‍රහස්පතින්දා සවස ඩව්නිං වීදියේ පිහිටි ඔහුගේ මහල් නිවාසයේ සිට එරට ජාතික සෞඛ්‍ය සේවයේ සහ අනෙකුත් ප්‍රධාන සේවකයින් ප්‍රශංසාවට ලක් කළ අතර සිකුරාදා උදෑසන කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පැවති රැස්වීමක මුලසුන දැරීය.

සිකුරාදා අගමැතිවරයා ට්විටර් වීඩියෝවක් පළ කර ඇති අතර එහි සඳහන් කර ඇත්තේ ඔහු තවමත් සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි.

"තවමත් මගේ ඇඟෙ රස්නේ තියෙනවා.ඒ නිසා වෛද්‍ය උපදෙස් අනුව එම රෝග ලක්ෂණය පවතින තුරු මම හුදෙකලාව සිටීම අවශ්‍යයි."

"නමුත් අපි අපගේ වැඩසටහනේ මුළු කාලයම පැහැදිලිවම වෛරසය පරාජය කිරීමට කටයුතු කරමින් සිටිනවා."

පසුගිය මාසයේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශකයා කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා අසනීප වී වැඩ කිරීමට නොහැකි වුවහොත් විදේශ ලේකම් ඩොමිනික් රාබ් පළමු රාජ්‍ය ලේකම්වරයා ලෙස පෙනී සිටින බවයි.

බීබීසී ඇසුරෙන් 

Cover Photo : BBC

Share