කුරුණෑගල රෝහල් ඖෂධ ගබඩාවේ ගින්නට හේතුව හොයාගනී

Staff Writer | Author . Translate to English or தமிழ் 05. 04. 2020 | 9.28pm
කුරුණෑගල රෝහල් ඖෂධ ගබඩාවේ ගින්නට හේතුව හොයාගනී

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ හටගත් ගින්නට හේතුව එහි රසායන ද්‍රව්‍ය අඩංගු භාජනයක හටගත් ගින්නක් නිවීමට වතුර බාල්දියක් ගැසීමෙන් ජලය හා රසායන ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කිරීම බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.

ඖෂධ ගබඩාවේ සේවකයකු අධි සාන්ද්‍රණික විෂබීජ නාශක සහිත භාජන හතරක් රැගෙන යාමට හදද්දී එක් භාජනයක ගින්නක් හටගෙන ඇති බවත්, ගින්න නිවීම සඳහා වතුර බාල්දියක් ගැසූ විට එය ප්‍රතික්‍රියා කර ගින්න ඇවිලී ඇති බවත් පොලිසිය පවසයි.

ගින්න හේතුවෙන් බිම් මහළේ කාමර තුනක සහ කොරිඩෝවේ ගබඩා කර තිබූ ඖෂධ විනාශ වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

මහල් හතරකින් යුත් මෙම ගොඩනැගිල්ලේ සෙසු මහල්වලට ගින්න යාමට ඉඩ නොදී පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ කුරුණෑගල නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ගින්න මැඩපැවැත්වූ බවත් පොලිසිය පවසයි.

මෙම ගින්න හටගෙන තිබුණේ අද උදෑසන 11.15ට පමණය.

Share