කොරෝනා ආසාධිතයන් ගණන 174ට නඟී

Staff Writer | Author . Translate to English or தமிழ் 05. 04. 2020 | 4.52pm
කොරෝනා ආසාධිතයන් ගණන 174ට නඟී

Update: 7.29 PM

ශ්‍රී ලංකාවෙන් තහවරු කර ගත් කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව අද රාත්‍රී 7.00 වන විට 174 දක්වා වර්ධනය වූ බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
අද දිනයේ පමණක් තහවුරු කර ගත් කොරෝනා ආසාධිතයන්ගේ ගණන අට දෙනෙකි.

Update: 4.52 PM

තවත් කොරෝනා ආසාධිත රෝගියෙකු අද (05) පස්වරු 5 වන විට තහවුරු වූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මුළු ආසාධිත සංඛ්‍යාව 171 දක්වා ඉහළ ගොස් තිබේ.

Update: 4.45 PM

ශ්‍රී ලංකාවෙන් තහවුරු කර ගත් කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව අද (5) පස්වරු 4.45 වන විට 170 දක්වා වැඩි වූ බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඉන් රෝගීන් 136 දෙනකු ප්‍රතිකාර ලබන අතර රෝගීන් 29 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

කොරෝනා යැයි සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සංඛ්‍යාව 259කි.

Share