රටම වහන කතාව බොරු - පොලිසිය

Staff Writer | Author . Translate to English or தமிழ் 04. 04. 2020 | 6.28pm
රටම වහන කතාව බොරු - පොලිසිය

නව කොරෝනා වෛරසය නිසා අප්‍රේල් 10 සිට 15 දක්වා රටම වසා තබන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියයි.

රජය මේ වන තෙක් එවැනි තීරණයක් ගෙන නැති බවත් ඔහු පවසයි.

එලෙස අසත්‍ය තොරතුරු හුවමාරු කරන පිරිස් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදු කරන බව ද සේනාරත්න මහතා පවසයි.

Share