බේරුවල පල්ලියට මිනිස්සු රැස්කළේ නිලධාරීන්මලු : යාඥා කතා බොරු : ප්‍රදේශවාසීන් විරෝධය දැක්වූයේ බයට

Staff Writer | Author . Translate to English or தமிழ் 03. 04. 2020 | 10.31pm
බේරුවල පල්ලියට මිනිස්සු රැස්කළේ නිලධාරීන්මලු : යාඥා කතා බොරු : ප්‍රදේශවාසීන් විරෝධය දැක්වූයේ බයට

ඇඳිරිනීතිය නොතකා බේරුවල කුට්ටිමලේ පල්ලියට පිරිස් එක්රැස්වූ බවටත්  එම පල්ලියට නිරෝධායන කටයුතුවලට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට පිරිසක් විරෝධය දැක්වූ බවටත් සමාජ ජාලා සහ ඇතැම් වෙබ් අඩවිවල පළවී ඇති ප්‍රවෘත්ති සත්‍යයෙන් තොර බව බේරුවල ප්‍රාදේශීය සභාවේ නිලධාරියෙක් පැවසීය.

බේරුවල කුට්ටිමලේ පල්ලියට පිරිසක් රැස්වූයේ වෛද්‍යවරුන්ගේ දැනුම්දීම මත බවත්, ඇඳිරිනීතිය නොතකා නීති විරෝධීව එහි සිටි බවට සහ එහි යාඥාවක් පැවැත්වූ බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එම නිලධාරියා ප්‍රකාශ කළේය.

ඔහු සිද්ධිය ගැන මෙලෙස පැහැදිලි කළේය.

''බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ නාගොඩ රෝහලේ වෛද්‍යවරු ප්‍රදේශවාසීන්ට දැනුම් දීලා තියෙනවා ඊට කලින් දවසේ කොරෝනා සම්බන්ධයෙන් බලන වෛද්‍ය පරීක්ෂණයට සහභාගී නොවූ සැක සහිත අය ඉන්නවා නම් පරීක්ෂණ සඳහා බේරුවල කුට්ටිමල පල්ලියට පැමිණෙන ලෙස. 

පරීක්ෂණයට ගිලන් රථයකුත් ඇවිත් තියනවා. මිනිස්සු හිතලා තියනවා කොරෝනා ආසාධිතයනුත් එතන ඉන්න පුලුවන් කියලා. එයින් කොරෝනා බෝවෙයි කියලා අවට අය ඊට විරුද්ධ වුණා. එයාලා කිව්වා පිට්ටනියකට ගිහින් ටෙස්ට් කරන්න කියලා. ටෙස්ට් කරන්න ආපු අය අවට ගෙවල්වල අය නෙමෙයි. ඒ නිසා අවට අය කලබල වෙලා තිබුණේ තමන්ටත් කොරෝනා බෝවෙයි කියන බයට. පස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මිනිස්සුන්ව දැනුම්වත් කළාම ඔවුන් එය පිළිගෙන වැඩකටයුතු කර ගන්න ඉඩ දුන්නා. '' යැයි එම ප්‍රකාශකයා පැවසීය.

මහගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.ඩබ්ලිව්. මදුර ශාලික  මහතා දෙරණ රූපවාහිනියට මේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පහත දැක්වේ. 

“ඊයේ නාගොඩ මහ රෝහලෙන් වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් පැමිණියා. පෙරේදා දින එකතු කරන ලද කණ්ඩායමේ මග හැර ගිය පිරිසක් මේ ගමේ ඉන්නවා. එතකොට අපිට අවශ්‍ය වුණා නිවෙස් වල ඉන්න මේ කණ්ඩායමෙන් සාම්පල් ගන්න . ඒ ගන්න අවස්ථාවේ ජනතාවට පොඩි බියක් ඇති වුණා. ඒ අවස්ථාවේදී අපි කරුණු පැහැදිලි කරලා මේක සමථයකට පත් කළා. ඒ ඇරෙන්න කිසිම තත්ත්වයක් ඇති වුනේ නෑ. අපිට මුස්ලිම් ප්‍රජාව විශාල සහයක් දෙනවා මේ තත්වය පාලනය කිරීම සඳහා” 

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පැතිර ගිය ප්‍රකාශ කිහිපයක් පහත දැක්වෙයි.



 





මෙම ප්‍රවෘත්තියේ කවරයට යොදාගෙන ඇති පෝස්ටුව පළ කර ඇති අරුනලු බෝපගේ මහතා කියනුයේ තමාගේ පෝස්ටුවේ කොටසක් පමණක් පළ කිරීමෙන් වැරදි අර්ථකතනයක් ලබා දීමට අප උත්සාහ කර ඇති බවයි. ඔහු ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කර තිබේ.



සංස්කාරක සටහන - පිළිතුරු දීමේ අයිතිය අපි පිළිගනිමු. ඔහු විසින් පළ කරන ලද පෝස්ට්ටුවේ කොටසක් පමණක් ලබාගෙන ඔහු අපහසුතාවයට පත් කිරීමේ අදහසින් එය පළ කර නැත. ඔහු ෂෙයා කළ පෝස්ටුවේ මුල් පොස්ටුවේ ස්ක්‍රීන්ෂොට් එකක් ද මෙහි පළ කර ඇති අතර ඊට අරුනලු මහතාගේ අදහස එක්කර ඇති කොටස පමණක් වෙනම ස්ක්‍රීන්ෂොට් එකක් ලෙස ලබාගෙන තිබේ. කෙසේ වෙතත් එම සම්පූර්ණ පෝස්ට්ටුව පහත දැක්වේ.


Share