චෙක් රාජ්‍ය මුඛ ආවරණ අනිවාර්ය කරයි : නිවෙස්වල හදන්න ජාතික වැඩපිළිවෙළක්

Staff Writer | Author . Translate to English or தமிழ் 02. 04. 2020 | 2.30pm
චෙක් රාජ්‍ය මුඛ ආවරණ අනිවාර්ය කරයි : නිවෙස්වල හදන්න ජාතික වැඩපිළිවෙළක්

චෙක් රාජ්‍යයේ පුරවැසියන්   නිවසේ   මුඛ ආවරණ සෑදීම හා බෙදා හැරීම සඳහා ජාතික ප්‍රයත්නයක් දියත් කර ඇතැයි ද ගාඩියන් පුවත් සේවය පවසයි.

ඒ කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා සෑම දෙනාටම මුඛ ආවරණ අනිවාර්ය බවට චෙක් රජය විසින් නියම කිරීමෙන් පසුවයි.
අගමැති ඇන්ඩ්‍රෙජ් බබීක්ගේ නායකත්වයෙන් යුත් රජය වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය යැයි නිවේදනය කර ඇති අතර අනෙක් රජයන්ගෙන් ද එය අනුගමනය කරන ලෙස ඉල්ලා තිබේ.

මුඛ ආවරණ පැලඳීම අනිවාර්යය බව⁣ට නිවේදනය කර ඇති යුරෝපයේ  රටවල් දෙක වන්නේ චෙක් ජනරජය සහ අසල්වැසි ස්ලොවැකියාවයි.
"චෙක් ජනරජය වෛරසය පැතිරීම අවම කළ යුරෝපයේ රටවල් කිහිපය අතරින් එකක්. ප්‍රධාන වෙනස නම් නිවසින් පිටව යන සෑම කෙනෙකුම මුඛ ආවරණ පැළඳීමයි”චෙක් සෞඛ්‍ය ඇමති ඇඩම් වොජ්ටෙක් පවසයි.

බබීක් සහ අනෙකුත් දේශපාලනඥයන් පාර්ලිමේන්තුව ඇමතූවේ සහ මාධ්‍ය හමු පැවැත්වූවේ මුඛ ආවරණ  පැළඳගෙන බවත් එය මුඛ ආවරණ පැළඳීම සඳහා ආදර්ශයක් ලබාදීමේ  උත්සාහයක් බවත් ගාඩියන් පුවත් සේවය පවසයි.

ශල්‍ය මුඛ ආවරණ විකිණීම නවතා ඇති බවට ඖෂධහල් දැන්වීම් පළ කර ඇති බවත් එම මුඛ ආවරණ දැනටමත් සෞඛ්‍ය අංශ සඳහා හිඟ වී ඇති බවත් එම පුවත් සේවය කියයි.

ප්‍රාග් නගරයේ විශාලතම මාතෘ රෝහලක් වන පෙඩෝලි රෝහල සඳහා මුඛ ආවරණ අවශ්‍ය බවට ෆේස්බුක් ඔස්සේ කළ ඉල්ලීමකින් පසුව ප්‍රාග් නගරයේ උම්ප්‍රම් කලා, ගෘහ නිර්මාණ ශිල්පය සහ නිර්මාණ ඇකඩමියේ විලාසිතා නිපැයුම් අංශයේ සිසුන් මුඛ ආවරණ මැසීමට පටන් ගෙන ඇතැයි ⁣එම පුවත් සේවය වාර්තා කරයි.

"ඔවුන් නිවෙස්වල සිට සිය ගණන් මුඛ ආවරණ සකස් කරනවා. මැහුම් යන්ත්‍ර භාවිතයෙන් සහ කපු රෙදි අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන තමයි ඔවුන් මුඛ ආවරණ සකස් කරන්නේ. ඔවුන් තමන් අතින්ම මේවා සකස් කිරීම ගැන බොහෝ සතුටු වෙනවා.මේවා 100%ක් කපු රෙදිවලින් හදන නිසා ජීවානුහරණය කරන්න පුළුවන්." යැයි එම ඇකඩමියේ විලාසිතා නිර්මාණ අංශයේ ගුරුවරියක් වන ඇලිස් ක්ලූස්කෝවා පැවසුවාය.

ද ගාඩියන් ඇසුරෙනි

Share