පැය 24ට ඇමෙරිකාවේ මරණ 1000 ඉක්මවයි

Staff Writer | Author . Translate to English or தமிழ் 02. 04. 2020 | 9.01am
පැය 24ට ඇමෙරිකාවේ මරණ 1000 ඉක්මවයි

පසුගිය පැය 24 තුළ ඇමෙරිකාවේ කොරෝනා මරණ 1,040 ක් වාර්තා වී ඇතැයි USA Today පවසයි.

එක් දිනක් තුළ එක්සත් ජනපදයේ මෙන්ම ලෝකයේ ඕනෑම රටකින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි.

ඊයේ (01) දින එරට නව රෝගීන් 26000ක් පමණ වාර්තා වී ඇතැයි worldometer දත්ත පෙන්වා දෙයි.

දරුණුතම බලපෑම එල්ල වී තිබෙන එක්සත් ජනපදයේ ⁣තහවුරු කෙරුණු රෝගීන් 215,000ක් වන අතර එරට 5116 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව එම USA today වෙබ් අඩවිය කියයි. 

නිව්යෝර්ක් නගරයේ පමණක් මියගිය සංඛ්‍යාව 2200 ඉක්මවා ඇත.

මේ අතර, ස්පාඤ්ඤයේ ආසාදිත රෝගීන් සංඛ්‍යාව 104,000 ඉක්මවා ඇති අතර මුළු මරණ සංඛ්‍යාව 9387කි.ස්පාඤ්ඤයේ ඊයේ දින නව රෝගීන් 8195 ක් සහ නව මරණ 923 ක් වාර්තා විය.

එක්සත් රාජධානිය නව මරණ 563 ක් ඊයේ වාර්තා කළ අතර එය එරට එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.එම පැය 24 තුළ නව රෝගීන් 4324 ක් ද වාර්තා විය.මිය ගිය අය අතර 13 හැවිරිදි පිරිමි ළමයෙකු සහ 19 හැවිරිදි තරුණයෙකුද වන බව සඳහන් වෙයි.

ඉතාලියේ, කොරෝනා රෝගීන් වාර්තා වීමේ වේගය අඩුවීම “බලාපොරොත්තුවක් ඇති කිරීමක්” බව නිලධාරීහු පවසති.

ඉතාලියේ මුළු මරණ සංඛ්‍යාව මේ වන විට 13545ක් වන අතර මුළු ආසාදිත සංඛ්‍යාව 110574 ඉක්ම⁣වා ගොස් ඇත.

ඉතාලියෙන් වාර්තා වන දෛනික ආසාදිතයන් ගණන දින කිහිපයක සිට 4000-5000 අතර සීමාවේ පසුවෙයි.ඊයේ(01) ඉතාලියේ නව රෝගීන් 4782 ක් සහ නව මරණ 727 ක් වාර්තා විය.

කොරෝනා වෛරසය ලොව පුරා  935,000 කට වැඩි පිරිසක⁣ට ආසාදනය වී ඇති බවත් 47,000 කට අධික පිරිසක් මියගොස් ඇති බවත් ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.

194000ක් පමණ මෙි වන විට සම්පූර්ණ සුවය ලබා ඇත.

Sources

WORLDOMETER

https://www.worldometers.info/coronavirus/#countries

USA TODAY

https://www.google.com/amp/s/amp.usatoday.com/amp/5100905002

JOHNS HOPKINS 

https://www.arcgis.com/apps/opsdashboard/index.html#/bda7594740fd40299423467b48e9ecf6


Share