ශ්‍රි ලංකන් මගී ගුවන් ගමන් අප්‍රේල් 8 සිට නවතී

Staff Writer | Author . Translate to English or தமிழ் 01. 04. 2020 | 7.31pm
ශ්‍රි ලංකන් මගී ගුවන් ගමන් අප්‍රේල් 8 සිට නවතී

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් ගමන් අප්‍රේල් 8 සිට 21 දක්වා තාවකාලිකව අත්හිටුවන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා පමණක් ක්‍රියාත්මක කරන බවද එම ගුවන් සමාගම කියයි.

ගුවන් සමාගම නිරන්තරයෙන් වෙළඳපොල තත්වයන් සහ විවිධ රටවල් සඳහා පනවා ඇති සීමාවන් ගැන අවධානයෙන් සිටින බවත් එවැනි සීමාවන් ඉවත් කරනු ලැබුවහොත් 2020 අප්‍රේල් 21 දිනට පෙර පවා කෙටි දැනුම්දීමකින් සිය මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට සූදානම් බවත් එම සමාගම දැනුම් දෙයි.

නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට අවශ්‍ය ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා මෙම කාලය තුළ විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ගුවන් සමාගම කැමැත්තෙන් සිටින බවද එම සමාගම පවසයි.

මගීන්ට නැවත වෙන්කරවා ගැනීමේ සහ නැවත ට්කට් පත් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවත් එය www.srilankan.com වෙබ් අඩවිය හරහා කරගත හැකි බවත් එම සමාගම දැනුම් දෙයි.

වැඩිදුර තොරතුරු සඳහා මගීන් ඔවුන්ගේ සංචාරක නියෝජිතයන් හෝ ළඟම ඇති ශ්‍රී ලාංකික ගුවන් සේවා කාර්යාලය සම්බන්ධ කරගන්නා ලෙසත් එසේත් නොමැතිනම් +94117771979 අංකයට අමතන ලෙසත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩි දුරටත් ඉල්ලා සිටී.

එම ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

Share