ස්ටාර් වෝර්ස් නළු ඇන්ඩෘ ජැක් කොරෝනා වැළඳී මිය යයි

Staff Writer | Author . Translate to English or தமிழ் 01. 04. 2020 | 5.37pm
ස්ටාර් වෝර්ස් නළු ඇන්ඩෘ ජැක් කොරෝනා වැළඳී මිය යයි

"ස්ටාර් වෝර්ස්" චිත්‍රපටවල පෙනී සිටි නළුවෙකු වූ ඇන්ඩෘ ජැක් කොරෝනා වෛරසය ආසාධනය වී මිය ගොස් ඇතැයි සීඑන්එන් වාර්තා කරයි.

ක්‍රිස් හෙම්ස්වර්ත් ඇතුළු තරු සඳහා උපභාෂා පුහුණුකරුවෙකු ලෙස ද සේවය කළ ජැක් ලන්ඩනයට නුදුරින් පිහිටි චර්ට්සිහි ශාන්ත පීතර රෝහලේදී මිය ගිය බව ඔහුගේ නියෝජිත ජිල් මැකලෝ පවසයි.

"ජැක්ගේ බිරිඳ ඕස්ට්‍රේලියාවේ නිරෝධායනයක සිරවී සිටින බැවින් ඔහු සමඟ අන්තිම කාලයේ සිටීමට නොහැකි වුණා.ඔහුගේ ජීවිතයේ අවසානයේ ඇයට ඔහුව බැලීමටවත් කථා කිරීමටවත් නොහැකි වූණා. අවමංගල්‍ය උත්සවයක් ද නොපැත්වීමට ඉඩ ඇත" මැකලෝ ප්‍රකාශ කළේය.

CNN ඇසුරෙන්

Cover Photo : Lucasfilm/Bad Robot Productions

Share