දින දෙකක් තුල කොරෝනායැයි සැක ගණන 117කින් ඉහළට

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 01. 04. 2020 | 11.25am
දින දෙකක් තුල කොරෝනායැයි සැක ගණන 117කින් ඉහළට

නව කොරෝනා වෛරසය (COVID-19) ආසාධනය වී ඇති බවට තහවුරු වූ පුත්තලම දිස්ත්‍රික්කයේ රෝගීන්ගේ සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ද 24 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව පසුගිය පැය 24 තුළ කළුතර දිස්ත්‍රික්කයේ තහවුරු කෙරුණු සංඛ්‍යාව 8කින්ද පුත්තලම් දිස්ත්‍රික්කයෙන් 9කින්ද ඉහළ ගොස් ඇත.


අද (01) උදෑසන 10.00 දක්වා ඇති තොරතුරුවලට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ තහවුරු කෙරුණු රෝගීන් ගණන 32 දක්වා ඉහළ ගොස් තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිත රෝගීන් ගණන 11කි.මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිත සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා ආසාදිත බවට සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් ගණන දින දෙකක් තුළ 117කින් ඉහල ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කොරෝනා බවට සැක කරන රෝගීන් ගණන 30 වැනිදා 114ක් වූ අතර එය ඊයේ (31) උදෑසන 10 වන විට 173 දක්වා ඉහළ ගියේය.

එම සංඛ්‍යාව අද (01) උදෑසන 10 වන විට 231ක් දක්වා වැඩි වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

ඒ අනුව මේ වන විට කොරෝනා බවට සැක සහිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 231කි.

නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන රෝගීන් ගණන 34ක් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් 24%ක් ලෙස සටහන් වෙයි.


ප්‍රතිශතයක් වශයෙන් කොළඹින් 22%ක්, කළුතරින් 17%ක්, පුත්තලමින් 17%ක් සහ ගම්පහෙන් 8%ක් ලෙස දැක්⁣වෙයි.

සම්පූර්ණ සුවය ලබා මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති කොරෝනා රෝගීන් ගණන 18ක් වන අතර පසුගිය පැය 24 තුළ රෝහලෙන් පිටව ගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 02කි. සුවය ලබා පිටව ගිය මුළු රෝගීන් සංඛ්‍යාව ප්‍රතිශතයක් වශයෙන් 13%ක් ලෙස දැක්වෙයි.

ඒ අනුව මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා බවට තහවුරු කෙරුණු රෝගීන් සංඛ්‍යාව 123ක් වේ. ඉන් 102 දෙනකු අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබන අතර නව දෙනෙක් වැලිකන්ද මූලික රෝහලේ ප්‍රතිකාර ලබති.12 දෙනකු මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.


මේ අතර කොරෝනා රෝගීහු දෙදෙනෙක් මිය ගොස් සිටිති.ප්‍රතිශතයක් වශයෙන් එය 1.3%කි.

දිනකට තහවුරු කෙරුණු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 


කොරෝනා රෝගීන් වැඩි වූ ආකාරය


කොරෝනා වසංගතයේ බරපතලකම තේරුම් ගන්න. නිවසටම වී ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයකු මුණ ගැසී සැබෑ තතු ප්‍රකාශ කරන්න....

 MediaLK.com කණ්ඩායමේ දැනුම් දීමක්

Share