ලෝකයේ කොරෝනා මරණ සංඛ්‍යාව 42000 ඉක්මවයි

Staff Writer | Author . Translate to English or தமிழ் 01. 04. 2020 | 11.50am
ලෝකයේ කොරෝනා මරණ සංඛ්‍යාව 42000 ඉක්මවයි

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව ලොව පුරා නව කොරෝනා වෛරස් රෝගීන් 860,000 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 42,000 කට වඩා වාර්තා වී තිබේ.

වැඩිම ආසාදිතයින් වාර්තා වන රටවල් වන්නේ ඇමෙරිකාව,ඉතාලිය සහ ස්පාඤ්ඤයයි.

ඇමෙරිකාවේ තහවුරු කර ඇති රෝගීන් සංඛ්‍යාව 189,600 ක් වන අතර ඉතාලියේ 105,792කි.ස්පාඤ්ඤයේ 95,983ක් බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

ඉතාලියේ මිය ගිය සංඛ්‍යාව 12,428ක් වන අතර ස්පාඤ්ඤයේ සිය ගිය සංඛ්‍යාව 8464කට වැඩිය.

එක්සත් ජනපදයේ පුද්ගලයින් 3,800 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

කොරෝනා වෛරසය ආසාදිතව සිට සම්පූර්ණ සුවය ලැබූ ගණන 178,335කි.

Share