කොරෝනා ආසාධිතයින් ගණන 132ට නඟි

Staff Writer | Author . Translate to English or தமிழ் 31. 03. 2020 | 3.39pm
කොරෝනා ආසාධිතයින් ගණන 132ට නඟි

New update

තවත් තිදෙනකුට කොරෝනා ආසාධනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් තහවුරු කර ගත් මුළු කොරෝනා ආසාධිතයන්ගේ ගණන 132 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.

අද දිනයට මේ වන විට හඳුනා ගෙන ඇති කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 10 දෙනෙකි. 

කොරෝනා ආසාධිත මුළු පිරිසෙන් දෙදෙනකු මිය ගොස් ඇති අතර 17 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් සිටිති.

Update : 3.30 PM

නව කොරෝනා රෝගය ආසාධනය වූ තවත් රෝගීන් 07 දෙනකු හඳුනා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හඳුනා ගත් කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගොස් තිබේ.

එම රෝගීන්ගෙන් දෙදෙනකු මිය ගොස් ඇති අතර තවත් 16 දෙනෙකු සුව ලබා පිටව ගොස් තිබේ.

(නිලූක සඳුන්)


කොරෝනා වසංගතයේ බරපතලකම තේරුම් ගන්න. නිවසටම වී සිටින්න.රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයකු මුණ ගැසී සැබෑ තතු ප්‍රකාශ කරන්න....

 MediaLK.com කණ්ඩායමේ දැනුම් දීමක්


Share